Back to Top

මහින්ද මහත්තයා උගන්ඩා ගිහින් ආපු ගමන් ඒක කරමු

May 14, 2016  




පසුගිය බදාදා උදෑසන ස්වයංරැකිලයා නියුක්තිකයන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ දියණියගේ විවාහ උත්සවයේ සාක්ෂියට අත්සන් කළේ නාමල් රාජපක්කෂ සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මන්ත්‍රී දෙපලයි.

එම කාර්යයෙන් පසුව නාමල් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ අලුත්ම උපාය මාර්ගය පැහැදිලි කළා.

´මේ අය අපේ ආණ්ඩුව පෙරළුවේ හොරකම, ඉතා සූක්ෂමව සමාජගත කරලා, දැන් හොරකම ඔප්පු කරගන්න ආණ්ඩුවට බැරිවෙලා තියනවා, ඒ නිසා ඔවුන්ගේ අලුත්ම ප්‍රචාරණය පොලිසියට පහර දෙන එක, මහින්ද පොලිස් නිලධාරීන් සල්ලිවලට අරන්, ඒ නිසා හොරු අල්ලන්න බෑ කියලා මතයක් හදන්න යන්නේ´

අද ඒ සඳහා පළමු මාධ්‍ය හමුව චම්පිකයි රාජිතයි තියන්න යන්නේ. මං කියන දේ බොරු ද කියලා ඔන්නම් බලන්න´

නාමල්ගේ කතාව පසුව ප්‍රසන්න රණතුංග ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගය පැහැදිලි කළා.

´බොරු කිය කියා එයාලට යන්න දෙන්න. අපි දේශපාලනය කරමු, සාලින්දට වගේම ආසන අහිමි වූ සියලු දෙනාට යළි ආසන සංවිධායකකම ලබාදීම සති පතා කරමු මහින්ද මහත්තයා, උගන්ඩා ගිහින් ආපු ගමන් ඒක කරමු.

හැබැයි ඔය වැඩේ නීත්‍යානුකූල නෑ නේද ?´ මන්ත්‍රීවරයාගෙන් අහපු ඒ ප්‍රශ්නයට නාමල් උත්තර දුන්නා.

´බිම් මට්ටමේදී නීත්‍යානුකූලයි, කියමින් නාමල් දේශපාලන උපාය මාර්ගය ඉතා හොඳින් පැහැදිලි කර දුන්නා.´


MOST VIEWED VIDEO STORIES

MORE >>