අලි විකුණා අලි මිනිස් ගැටුම නැති කරමුද
දැනට ගොඩබිම වෙසෙන විශාලතම සත්ව කොට්ඨාසය වන්නේ අලි ඇතුන්ය. ලෝකයේ අලි විශේෂ 02 සිටින අතර ඔහුත් ආසියානු අලින් හා අප්‍රිකානු අලින් ලෙස විශේෂ දෙකට බෙදනු ලබයි. ශ්‍රී ලංකාවේ වෙසෙන අලි විශේෂය. Elnlpas Mumimus Maximu යන උප විශේෂයයි. ජනවහරට අනුව රුහුණු යාල ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන් රුහුණු ගැටව් ලෙසත්, කඳු පන්තිය ආශ්‍රිතව ජීවත්වන අලි කුරු අලි ලෙසත් හඳුන්වන අතර උතුරු මැද වයඹ ආදී ප්‍රදේශවල ජීවත්වන අලි ඇතුන් සද්දන්තයින් ලෙසත් පොදුවේ සියල්නටම සද්දන්තයින් ලෙසත් හඳුන්වයි.
ජීව විද්‍යාත්මක අවශ්‍යතා අනුව දිනකට ජල ලීටර් 120 පමණත් ආහාර කිලෝග්‍රෑම් 150ක් පමණත් එක් අලියෙකුට අවශ්‍ය වන අතර එම ජල හා ආහාර අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් දිනකට කිලෝ මීටර් 15ක පමණ දුරක් අලි ඇතුන් ගමන් කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුළ අද වනවිට අලි ඇතුන් 3500 පමණ සිටින අතර එයින් සියයට හතරක පමණ ප්‍රතිශතයක් ඇතුන් වෙයි. අලින් හා ඇතුන් සතුව පාරම්පරික ගමන් කිරීමේ මාර්ග නැත්නම් අලි මංකඩවල් පිහිටා ඇත. අතර වසර දහස් ගණනක් සිය පරපුර භාවිත කළ අලිමංකඩවල් පිළිබඳ අවබෝධය අලි ඇතුන්ට හිමිවන ප්‍රධාන ලක්ෂණයකි.
ශ්‍රී ලංකාව තුළ අදවනවිට විශාල වශයෙන් වනාන්තර හායනය වන නිසාත් මහා පරිමාණ සංවර්ධන ක්රියාවලී නිසාත් අලි අතුන්ගේ ආහාර හා වාසස්ථාන අහිමි වෙමින් පවතී. සිය ජීවිත කාලය පුරාවට අලි ඇතුනට දත් කට්ටල් හතරක් හිමිවේ. දත් ගෙවී යාම නිසා ආහාර ගැනීම අපහසුවන අලි ඇතුන් වයසට යනවිට ඔවුන්ගේ දත් ගෙවීයාම නිසා ආහාර ගැනීමට නොහැකි වීමෙන් බොහෝ මරණ සිදුවේ.
ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන් යුද්ධයට මෙන්ම මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහාත් පෙරහුරු සඳහාත් අතීතයේ සිටම උපයෝගී කරගන්නා ලදි. මිනිසුන් සමඟ සුහද ගනුදෙනුවක් කළ අලි ඇතුන් අද වනවිට ගොවියන්ගේ හා ජනතාවගේ ප්‍රධාන හතුරෙක් බවට පරිවර්ථනය කර ඇත.
එයට ප්‍රධාන හේතුව ලංකාවේ වනාන්තර ප්‍රතිශතය දිනෙන් දින අඩු වීමයි. 1832 දී 82% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වනවිට 17% පමණ වී ඇත. කඩිනම් මහවැලි ව්‍යාපාර හරහා ලංකාවේ බොහෝ වනාන්තර සැළසුම් රහිතව විනාශ වූ අතර එවන් වනාන්තර ගණනාවක් 60 දශකයෙන් පසුව විනාශ විය. අද දවස වන විට ක්‍රියාත්මක වන ජාතික භෞතික සැළැස්ම නම් වු ලෝක බැංකු ව්‍යාපෘතිය මහවැලි කඩිනම් ව්‍යාපෘතියට නොදෙවනි බලපෑමක් අලි ඇතුන්ට හා ඔහුන්ගේ වාස භූමි වලට සිදුකරමින් ඇත.
වනාන්තර හා අලි මංකඩවල් අතර මිනිසුන් පදිංචි කිරීමත් අලි ඇතුන්ගේ වාසභූමිම් විනාශවන ලෙස හා ජනාවස නිර්මාණය කිරීම හා කුඹූරු ඉඩම් ඉදිකිරීමත් අලි ඇතුන් හා මිනිස් ඝටිටන ඇතිවීමට ප්‍රධාන හා ප්‍රබල හේතුවක් බවට පත්වි ඇත. වයඹ අලි කලාපය නැගෙනහිර දකුණු අලි කලාපය හා අනෙකුත් අවශේෂ කලාපවල අලි මංකඩවල් තුළ අද දවස වනවිට බොහෝ නිවාස ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘති කිරීම් සිදුකර ඇත. එම නිසා එම තත්ත්වය තුළ ලංකාවේ දැවැන්ත ලෙස අලි මිනිස් ගැටුම නිර්මාණය වී තිබේ.
සීඝ්රයෙන් වනාන්තර කුට්ටිකරණය වීමත් ඒවා තුළ ආහාර හා ජලය නොමැති වීමත් අලි ඇතුන් ගම්වැදීමට හේතුවී ඇත. මංකඩවල් ජනාවසකරණය වීම හා ඔවුන්ගේ වාසස්ථාන අහිම්වීම අලි මිනිස් ගැටුම වර්ධනය වීමට හේතුවක් වී ඇත.
එමෙන්ම වියලි කලාපය මහවැලි කලාප හා අනෙකුත් ප්‍රදේශවල ගොවිතැන් කරන ජනතාව අලි ඇතුන් ප්‍රියකරන ආහාර බෝග වගා කිරීමෙන් අලි ඇතුන් ගොවිබිම් හා මිනිස් වාසස්ථාන වෙත ඇදී ඒමට තවත් එක් හේතුවකි.
වගුව අංක 01- 2008 වර්ෂයේ සිට 2013 දක්වා අලි හා මිනිස් මරණ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2008 වර්ෂයේ අලි ඇතුන් 160 හා මිනිසුන් 30 වැඩි ප්‍රමාණයක්,2009 වර්ෂයේ අලි ඇතුන් 228 හා මිනිසුන් 50 වැඩි ප්‍රමාණයක් හා 2010 වර්ෂයේ අලි ඇතුන් 155 හා මිනිසුන් 60 වැඩි පුමාණයකට ජීවිත අහිම් වී ඇත.
මිනිසුන්ගේ වගා බිම් විනාශ කිරීම හේතුකොටගෙන අලින් හා මිනිසුන් අතර ඇතිවී තිබෙන ගැටුම හේතු කොටගෙන වසරකට දෙදහස් දහයෙන් පසු අලි ඇතුන් 150-200 අතර ප්‍රමාණයක් මේ වනවිට මියයමින් ඇත. නැතිවන ජීවිත ප්‍රමාණය ද වසරකට 100 වැඩි ප්රමණක් වන අතර එම පවුල්වල වැඩිවශයෙන් අලි ගසා මිය යන්නේ පිරිමින්ය. ප්‍රතිශතයක් අනුව ගත්කල අලි ගසා මියයන මිනිසුන්ගේ පිරිමින්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා අතර . ගෘහ මූලිකයන් අහිමි වීම නිසා අලි ගසා පුද්ගලයන් මියගිය පවුල් වල සමාජීය අතින් පිරිහෙන තත්ත්වයකට පත්ව ඇත.
|
ush.sh
fya;=j |
w,s
we;=ka ixLHdj |
01 |
fjvs;enSu ksid |
774 |
02 |
jsoq,s
ier jeoaojSu u.ska |
135 |
03 |
ji
lEug ie,eiajSfuka |
22 |
04 |
yosis
wk;=re |
109 |
05 |
iaNdjsl
urK |
63 |
06 |
fya;=j yoqkd fkd.;a urK |
285 |
වගුව අංක 02 -1998 සිට 2007 දක්වා අලි ඇතුන්ගේ ම්යයාම් හා එ්වාට හේතු
එමෙන්ම අලි විසින් විනාශ කරන වගා බිම් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ අනුව අලි මිනිස් ගැටුම නිසා විශාල බෝග හානි හා ආර්ථික හානිවලට ජනතාවට අද වනවිට මුහුණ දීමට තිබේ.
මහා පරිමාන සංවර්ධන ක්‍රියාවලීන් නිසා අනාථ වූ අලි ඇතුන් බිම අහිම් වූ වනාන්තර අහිමි වූ අලි ඇතුන් හා මිනිසුන් අතර ගැටුම නිර්මාණය වූයේ අලින්ගේ වරදින් නොව මෙරට සිටින මිනිසුන්ගේ හා සංවර්ධන ක්රියාදාමයේ වරදින්ය. නමුත් අද වනවිට සියළු දේශපාලන හා අර්ථික සංවර්ධනයේ මැදිහත්වීමෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇත.
දැනට අලි මිනිස් ගැටුම සම්බන්ධව ආර්ථික හා දේශපාලන මැදිහත්වීම ඉතාමත පහළ මට්ටමක සිදුවන නිසා මිනිසුන් විසින් වට්ටක්කා වලට වස දමා ආහාරයට දී විදුලි රැහැන් ඇද හා නොයෙකුත් ක්‍රම වේදවලට අලි ඇතුන් ඝාතනය කරමින් සිටී.. ශ්‍රී ලංකාව තුළ සිදුවන පාරිසරික හායනය සමඟ මින් ඉදිරියටත් මෙම අලි මිනිස් ගැටුම වර්ධනය වනවා මිස එයට පිළිතුරු සොයන බවක් පෙනෙන්ට නැත.
අලි මිනිස් ගැටුමට විසඳුම් ලෙස රජය අලි කළමනාකරණ ප්‍රදේශ පිහිටවීම 2006 වර්ෂයේ ප්‍රතිපත්ති වශයෙන් ආරම්භ විය. නමුත් එය ක්‍රියාත්මක විවේදී බරපතළ ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙන අතර 2006 ජාතික අලි කළමනාකරණ ප්‍රතිපත්ති අනුව වර්ග කිලෝමීටර් 50 වනාන්තර ප්‍රදේශ තුළට අලි ගාල් කර වැටවල් ගැසීමට යෝජනා වූ අතර වැටවල් වලින් පනින අලි කලහකාරී අලින් ලෙස සළකා පෞද්ගලික අයිතියට පැවරීම යෝජනා කර තිබේ. නමුත් මෙම ප්‍රතිපත්තිය අලි ම්නිස් ගැටුම පාලනය කිරීමට ආ ප්‍රතිපත්තියක් නොව අලි විකිණීම වෙනුවෙන් සකස් කළ ප්රතිපත්තියකි.
අලි මිනිස් ගැටුම පාලනයට රජය විසින් අලි වැටවල් නිර්මාණය කිරීම ආරම්භ කළ අතර අලි ප්‍රහාර වලින් මිනිසුන් හා වගා බිම් ආරක්ෂා කර ගැනීම එම අලිවැටවල් අරමුණ විය.
සැබෑලෙස නඩත්තු වන අලි වැටකින් අලි මිනිස් ගැටුම් පාලනය කිරීමට ඉතා හොඳින් සිදුකළ හැකි අතර මිනිසුන් විසින් කම්බි කැපීම හා අලිවැටවල් යටින් හරකුන් දැක්කවීම නිසා බොහෝ අලි වැටවල් අක්‍රිය වී තිබේ.
ශ්‍රි ලංකාව තුළ තල් හා පතොක් සහිත ජීව වැට අලි මිනිස් ගැටුම වැළැක්වීමට භාවිතා කළ අතර කෙසේ හෝ එය දැන් වන විට මිනිසුන් විසින් භාවිතා නොකළත් එය සාර්ථක ක්‍රම වේදයකි. ගම්මිරිස් පිච්ච්ම හා වෙනත් සම්ප්‍රදායික ක්‍රම ද අලි මිනිස් ගැටුම පාලනය වෙනුවෙන් අතිතයේ භාවිතා කර තිබේ.
අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් වගා බිම්වල කෙන්නියාව වැනි රටවල ජනවාස ආශ්‍රිතව වැටවල්වල මී මැසි ජනපද පිහිටවනු ලබයි. මී මැස්සන් විසින් නිකුත් කරන ශබ්දයට හා ගමන් කිරීමේදී ඇතිවන තරංග වෙනස්වීම නිසා එය අලි ඇතුන්ගේ ශ්රවණා පරාසයට බාධා කරන අතර එම නිසා අලි ඇතුන් ගම් ප්‍රදේශයට නොපැමිණෙන බව කෙන්යානු වැසියන්ගේ විශ්වාසයයි..
නමුත් ලංකාවේ අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් මෙවන් සාම්ප්‍රදායික ක්‍රම ශ්‍රී ලාංකිකයින් විසින් භාවිතා කළ අතර ප්‍රධාන වශයෙන් අලිමංකඩවල් හා වනාන්තර විනාශ කිරීම නතර කිරීම සිදුකළ යුතු අතර අලි මිනිස් ගැටුම පාලනයට නිසි ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතුය. ඒ සඳහා ප්‍රතිපත්ති සකස් වී ඒවා ක්‍රියාත්මක විය යුතුය.
රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා ස්වභාවදහම් අධ්‍යයන මධ්‍යස්ථානය.