Back to Top

අනාගත බලාපොරොත්තු අරඹයා...

May 10, 2016  

අනාගත බලාපොරොත්තු අරඹයා...


ළමා සරණාගතයින් බ්‍රිතාන්‍යය තුළ ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පෙන්වා දෙනවා. බ්‍රිතාන්‍යයේ කඳවුරුවල සිට එක්සත් රාජධානියේ භාරකරුවන් නොමැති දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
 
යුරෝපයේ ළමා සරණාගතයින්ට එක්සත් රාජධානියේ ඉඩ සැළසිය යුතු බව පෙන්වා දෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශීත කාලය දක්වා ඔවුන්ට බලා සිටීමට සිදු වී ඇති බවත් පෙන්වා දෙනවා.

මෙම දරුවන්ට උදව් කිරීම ඩේවිඩ් කැමරන්ගේ කාර්යය භාරයක් වන බවත් පෙන්වා දෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ අනාගතය දැඩි තර්ජනයකට ලක් වෙලා කියලයි.

යුරෝපය පුරා අතරමංව සිටින ළමා සරණාගතයින්‍ට  බ්‍රිතාන්‍යයේ ඉඩ සැළසීමට ශීත කාලය වන තුරු බලා සිටීමට සිදු විය හැකි බවද මන්ත්‍රිවරුන් පෙන්වා දෙනවා.



මෙලෙස සරණාගත කඳවුරුවල සිටින දරුවන්ගේ මානුෂීය අභිනයන් තේරුම්ගත යුතු බවත් භාරකරුවන් නොමැති දරුවන් වෙනුවෙන් ඩේවිඩ් කැමරන්ගේ කාර්යය භාරයට වල කැපීම විනා කළ යුත්තේ උදව් කිරීමක් බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.

නමුත් මෙම දරුවන්ට උදව් කිරීම ඇතැම් ආකාරයේ දේශපාලන තර්ජනයක් විය හැකි බවත් සඳහන් වෙනවා. මොකද ඇතැම් අවස්ථාවලදී එවැනි තර්ජන මතු වී ඇති බවත් සඳහන් වෙනවා.

කල් යත්ම මෙම දරුවන්ට උදව් කිරීමට ටෝරි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හා ලිබරල් ඩිමොක්රටික් තරුණයන් ඉදිරිපත් වෙනවා.එසේ කිරීමට ඔවුන්ම  මාස හත අටක් බලා සිටීමට සිදු වීම  කෝපයට කරුණක් බවට පත් වෙනවා.

මේ සමගම කැමරන් යුරෝපා මහාද්වීපයේ ළමා සරණාගතයින් මුදවා ගැනීමට යන අදහස කම්කරු සංවිධානයන් විසින් ප්‍රතික්ෂේප කරන කරනවා.

ඉදිරිපත් කළ සැළැස්මක් අනුව එරට ස්වාමීන් වහන්සේලාගේ සහ ළමා සුරකින්නන් ඇතුළු උද්ඝෝෂකයන් විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව ළමා සරණාගතයින් මුදවා ගැනීමට කම්කරු සංවිධානයන් විසින් එල්ල කරනු ලැබූ චෝදනාවන් කල් යත්ම සමනය වෙනවා.

බ්‍රිතාන්‍ය රජයේ බලාපොරොත්තුව අපිරිසිදු කඳවුරු තුළ අතරමං දරුවන්ට මෙම වසර අවසන් වන විට හෝ බ්‍රිතාන්‍ය තුළ ඉඩ සැළසිය යුතු බවයි.එය නව යෝජනා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.



බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ඩේලි ටෙලිග්රාෆ් ප්‍රකාශ කර සිටියේ අපේ එකම බලාපොරොත්තුව හා එකම අරමුණ වන්නේ සරණාගත කඳවුරුවල සිටින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කිරීම බවයි.

එමෙන්ම ඊට අවශ්‍යවන වටපිටාවට මෙම වසර අගවන විට උදාකර ගැනීමටත් අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කටයුතු කිරීම ඔවුන් සැදී පැහැදී සිටින බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙම සරණාගත දරුවන් පිළිගැනීමට රජයට නිරන්තර බලකර සිටින අතරම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උදව් කිරීමට ඔවුන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් ටෝරි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

දරුවන්ට හිමි අනාගතයක් ගොඩ නැගීමට ටෝරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට කතා කළ බවත් ඒ සම්බන්ධයෙන් මානුෂිය අගමැති තීරණයක් පසුගිය සතියේ ලැබී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එහිදී ටෝරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ මෙවැනි අදහස් කිහිපයක්,

දරුවන්ගේ අනාගත බලාපොරොත්තු ගොඩනැගීමේ අරමුණින් සරණාගත දරුවන් බේරා ගනිමින් අපි මාස තුනක් තුළදී සිරියාවේ සිට විශාල අවදානමක් ගනිමින් සරණාගත දරුවන් 1,000 ක් නැවත පදිංචි කිරීමට කටයුතු කළා.

ඒ වගේම අපි යුරෝපයේ සිට තවත් අවදානමක්‍ ගෙන දරුවන් නැවත ස්ථානගත කිරීමට කටයුතු කළා. මාස හතක කාලයක් තුළ  අපිට පුළුවන් වුණා දරුවන් විශාල සංඛාවකගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න.

එමෙන්ම Lib Dem නායක ටිම් Farron ප්‍රකාශ කළේ මාස හත තුළ වැඩි ගණනක් දරුවන් විවිධ කම්කරු ශ්‍රමික සංවිධාන විසින්  ජාවාරම්කරුවන්ට ලබා දී භාණ්ඩයක් ලෙස ඔවුන්ව භාවිතා කළ බවයි.



එමෙන්ම සමහර රටවල්වල ජාවාරමක් වශයෙන් ළමා සරණාගයින් භාවිතා කරන බවත්, මැසිඩෝනියාව වැනි රටවල් ඔවුන්ගේ දේශ සීමා ලකුණු අවහිර කරමින් ළමා සරණාගතයින් මුදවා ගැනීමේ කටයුතු අවහිර කළ බවත් ඔවුන් පෙන්වා දුන්නා.

එමෙන්ම මැසිඩෝනියාව තුළ පැය 48 ක් තුළ රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා කොන්දේසි පැන වු බවත්,

දරුවන්ට උපකාර කිරීමට උවමනා වුවත් අවධානමක් ගැනීමට  තරම් ඒ අවස්ථාවේදී කාරුණික වීමට හෝ ඉක්මණින් ක්‍රියා කිරීමට නොහැකි වූ බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඩේවිඩ් කැමරන් විසින් පෙන්වා දී ඇත්තේ  මෙම දරුවන්ට සහන සැළසීමට ඔහුට වඩාත් හිත් දුන්නේ ඔවුන් පිළිබඳ උපන් අනුකම්පාව වඩා ඉස්මතු වූ නිසා බවයි.

මෙම සරණාගත දරුවන්ගේ ගැටළුව ගැන මෙතරම් කාලයක් බ්‍රිතාන්‍ය තුළ කතාබහට බදුන් වූ බවත්, ළමා ශ්‍රමිකයක් ලෙස දරුවන් යොදා ගැනීමට එරෙහිව විරෝධතා පවා සංවිධානය කර ඇති අතර ඒ පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඩේවිඩ් කැමරන් පෙන්වා දී තිබෙනවා.

පසුගිය සතියේ බ්‍රිතාන්‍ය විසින් ළමා සරණාගතයින් බේරා ගැනීමට ඇති සැළසුම් පිළිබඳව පළාත් පාලන ආයතන සමඟ එක්ව ඇමතිවරුන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් සඳහන් වූණා.

එමෙන්ම එක්සත් රාජධානිය විසින් සෘජු වශයෙන් ළමා සංක්‍රමණිකයින්ගේ අයදුම්පත් කැඳවීමට කඩිනම් පියවර ගෙන ඇති බවද සඳහන් වූණා.

රජය මේ වන විටත්  එසේ මහාද්වීප සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකසමින් පවතින බවද සඳහන්.


අනුවාදයකි-ඩේලි මේල් ඇසුරිනි




MOST VIEWED VIDEO STORIES

MORE >>