Back to Top

ආණ්ඩුව නොමග යවන්න ප්‍රසන්න ගහපු සැලැස්ම

May 7, 2016  





ඊයේ උදෑසන ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුව බලා පැමිණියේ නිල රථයේ, fm නාලිකාවක ප්‍රවෘත්ති අසමින්.

අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එම ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ සඳහන් කළා.

පාර්ලිමේන්තුවට ආපු ගමන් ප්‍රසන්න මේ ගැන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකු සමග කතා කළා.

"අද අනුර ඡන්දයක් ඉල්ලනවා. අපි ආණ්ඩුව නොමග යවමු. අපේ මන්ත්‍රීවරු සියලු දෙනාම ළඟම ඉන්න ලොහාන් රත්වත්තෙගේ ගෙදරට යවමු. පේන්න අපි හතර පස්දෙනෙක් විතරක් පාර්ලිමේන්තුවේ ඉමු."

ආණ්ඩුවේ ගොඩක් අය අද වෙන වෙන වැඩ දාගෙන. අපේ ටික දෙනා නිසා මුං සේරම යනවා. ඡන්දය ප්‍රකාශ කරපු ගමන් කඩා ගෙන බිඳගෙන එන්න සැලසුම් කරමු"

ප්‍රසන්නගේ අදහසට අනුව සියලුම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එස් එම් එස් කෙටි පණිවිඩ මගින් දැනුවත් කළා.

බලාපොරොත්තු වූ විදිහටම ආණ්ඩුවේ අය අඩු වූ වෙලාවේ පාර්ලිමේන්තුව කඩාගෙන බිඳගෙන ඇවිත් විරුද්ධ පක්ෂ මන්ත්‍රීන් ඡන්දය දෙද්දී පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවා හොඳටම කලබල වුණා.

අවසානයේදී පක්ෂය 31 සහ විරුද්ධව 31 ලෙස ඡන්දය ප්‍රකාශ වීම නිසා පරිපූරක ඇස්තමේන්තුව සම්මත වීම වැළකුණා.

MOST VIEWED VIDEO STORIES

MORE >>