Back to Top

අපි ඔය මල්ගස් අස්සේ ගහගන්නේ නෑ දැක්කනේ වැඩ

May 7, 2016  




හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීමේ සිද්ධියත් සමග පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක් සිදු වුණා. ගුටි බැට හුවමාරුවට මුල් වූ පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීර දොරටු දෙකකින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණියා.

ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු ලොබියේදී හමුවුණ නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක අභියෝගයක් කළා.

´´ආ... උඹ චන්ඩියෙක් නම් වරෙන් ගහගන්න"

´´අපි ඔය මල්ගස් අස්සේ ගහගන්නේ නෑ, දැක්කනේ වැඩ"

´´ඕක අතෑරලා දාපන් මචං"

"මම හිතුවේ නෑ ඌ මට ගහයි කියලා, මගේ හිතේ තරහක් නෑ. ඒක ඌට කියපං මචං" කියමින් ප්‍රසන්න රණවීර රංජන් රාමනායක අත පණිවිඩයක් යැව්වා"

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තු ලොබියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් වට කරගත්තා.

´´උඹලා දෙන්නටම ගේම ගහන්න බලාගෙන ඉන්න උන්ට ආයුධ දෙන්න එපා, මේ ප්‍රශ්නය මෙතනින්ම ඉවර කරපල්ලා"

´´ අපි ගහගත්තා, ඒක ඉවරයි, මට රණවීරත් එක්ක තරහක් නැහැ"

මේ කතාබහ මැදට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කිහිපදෙනෙක් එකතු වුණා.

"දැන් මේ ප්‍රශ්නය පොලීසියට භාරදෙන්නයි හදන්නේ"

"පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට අත දාන්න පිටස්තර බලවේගවලට ඉඩ දුන්නොත් ඒක ලොකු ලෙඩක්. බොරදියේ මාළු බාන්න අපි ඉඩදෙන්නේ නෑ. පාලිත ඔයා බය නැතුව ඉන්න"

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙක්ම පාලිතට පොරොන්දු වුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>