Back to Top

ලක්ෂයකට වැඩිය පිරිසක් අපේ මැයි රැළියට ගේන්න හදන්නේ

April 23, 2016  




ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය ආරම්භ කිරීමට නියමිතව තිබූ නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ලබාදීම අත්හිටුවීමට තීරණය කර තිබුණා.

එයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ නායකයින් අද උදෑසන සිය නිවසට කැඳවා තිබුණා.

“අපි සල්ලි ගෙවලා ශාලිකා ක්‍රීඩාගංණය වෙන් කරලා තිබුණේ, සී.ටී.බී චෙයාර්මන් ඒක ලබාදීම අත්හිටුවලා තියෙනවා.මේ අය විශාල උත්සාහයක් ගන්නවා අපේ මැයි රැලිය කඩා කප්පල් කරන්න.“

හිටපු ජනාධිපතිගේ පැහැදිලි කිරීමෙන් පසුව විමල් වීරවංශ කරුණු පැහැදිලි කළා.

“මේ වෙනගෙකාට සී.ටී.පී. බස් විතරක් නෙමෙයි පෞද්ගලික බස් රථ විශාල ප්‍රමාණයක් ඔවුන් වෙන් කරගෙන තියෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවලට කෝච්චි පවා යොදවලා තියෙනවා. අපට බස් එකක් බුක් කරගන්න බැරිවෙන විදිහට කටයුතු කරමින් තිබෙනවා. “

විමල්ගේ කතාවෙන් පසුව හිටපු ජනාධිපතිවරයා සියලුම දිස්ත්‍රික්කවල සංවිධායකයින් වෙත දුරකථනයෙන් කතා කළා.

“මට මේ දුන්න තොරතුරු අනුව ලක්ෂයකට වැඩිය පිරිසක් අපේ මැයි රැළියට ගේන්න හදන්නේ. මට නම් විශ්වාසයි අපේ මිනිස්සු පාරේ බස්වල හරි මැයි දිනයට එන බව.“

හිටපු ජනාධිපති ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ව ඒ විදිහට දැනුවත් කළා.

MOST VIEWED VIDEO STORIES

MORE >>