මමත් ඉන්න තැන මුදල් සම්බන්ධ තීන්දු ගන්න ඕන
April 23, 2016
මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම මාතෘකා කිහිපයක් හේතුවෙන් උණුසුම් මුහුණුවරක් ගත්තා. වැට් බදු වැඩි කිරීම ගැන මුලින්ම කතා කළේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතායි.
“සමහර බදු ගැන මම දැක්කෙ පත්තරෙන්. මීට පස්සේ එහෙම වෙන්න බෑ. මමත් ඉන්න තැන මුදල් සම්බන්ධ තීන්දු ගන්න ඕන“
ජනාධිපතිවරයාගේ කතාවට ඇමති එස් බී සහය දුන්නා.
“ඒක ඇත්ත. අගමැතිතුමණි, මේක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් කියලා හිතාගෙන වැඩ කරන්න බැහැ. පෞද්ගලීකරණය ගැන අපි ඉන්නේ මත දෙකක. ඒ නිසා බදු පැනවීම ගැනත් එකට එකතු වී තීන්දු ගනිමු“
එස්.බී.ගේ යෝජනාවෙන් පසුව ජනාධිපතිත් අගමැතිත් මුදල් ඇමතිත් එක්ව මින් ඉදිරියට බදු ගැන තීන්දු ගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය තීන්දු කළා.