Back to Top

පොළොන්නරුවේ අලි, හරක්, රිලව් සේරම දැන් හම්බන්තොටට

April 2, 2016  





මෙවර කැබිනට් රැස්වීමට සැත්කමින් පසුව පළමුවරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද සහභාගී වූ අතර සියලුම ඇමතිවරු ඔහුට සුබ පැතුවා. කැබිනට් රැස්වීමේ ප්‍රධානම මාතෘකාව වුණේ ජනමාධ්‍යයේ හැසිරීම පිළිබඳවයි.

ජනාධිපතිවරයා පුවත්පතක් අතට ගෙන ලයිට් කැපීම වාර්තා කර තිබූ ආකාරය විවේචනය කරද්දී අගමැතිවරයාත් ඒ කතාබහට එකතුවුණා.

”මෙතන වරද තියෙන්නේ ප්‍රවෘත්ති කර්තෘවරුන්ගේ නෙමෙයි. මේකට වගකියන්න ඕන මාර්කටින් කරන අයයි. ආණ්ඩුවේ වැරැද්දක් හොයලා පත්තර විකුණගන්න හදනවා.

මේ ගැන හොයන්න කියලා මම ගයන්ත ඇමතිතුමාට උපදෙස් දීලා තියෙනවා. වැරදි වාර්තා ගැන දැන් වාර්තාවක් හදාගෙන යනවා.

අගමැතිගේ කතාවෙන් පසුව සෙසු ඇමතිවරු මාධ්‍ය විවේචනය කරන්න ගත්තා.

“මේ විදිහට මාධ්‍යට හැසිරෙන්න දෙන්න බෑ, මොකක් හරි පියවරක් ගන්න ඕන”

ඇමතිවරු බොහෝ දෙනෙකුගේ මුවින් මේ අදහස කියවුණත් කැබිනට් රැස්වීමේදී ඒ ගැන අවසන් එකඟතාවකට පැමිණියේ නැහැ.

කැබිනට් රැස්වීමේදී බොහෝ දෙනෙකුට සිනහ ගියේ පරිසර අමාත්‍යාංශය ගැන සිදුවූ කතාබහක් හේතුවෙන්.

“හම්බන්තොට පරිසර ගැටලුවක් කියලා අලි, හරක්, රිලව් ඔක්කොම පසුගිය කාලයේ පොළොන්නරුවට එලෙව්වා. දැන් පොළොන්නරුවේ මිනිස්සුන්ට හරිම කරදරයක් වෙලා.

ජනාධිපතිවරයා ගැටලුව පැහැදිලි කරද්දී ඇමතිවරු කිහිපදෙනෙක් පැනලා උත්තර දුන්නා.

”ඕකට කරන්න තියෙන්නේ පොළොන්නරුවේ අලි, හරක්, රිලව් සේරම දැන් හම්බන්තොටට එළවන එකනේ”

ඇමතිවරුන්ගේ යෝජනාවට ජනාධිපතිවරයාටත් හිනාගියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>