Back to Top

පාවා දෙන්නෝ අපට ‍එපා - පන්දම් කාරයෝ අපට එපා

March 26, 2016  



දිවුලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධානය චන්දන ජයකොඩි මහතාගේ බලගල්ලේ නිවසේදී පසුගිය 19 වෙනිදා පැවැත්වුණා. දකුණු පළාත් කෘෂිකර්ම ඇමති යූ.ජී.ඩී. ආරියතිලක මුලසුන කතාව ආරම්භ කිරීමත් සමග පාක්ෂිකයින් හූ කියන්න ගත්තා.

ආරියතිලක කතා කරන අතරතුර එතනට රෙජිනෝල්ඩ් කුරේ සහ හිටපු මන්ත්‍රී රුවන් රණතුංගත් පැමිණියා.

ඔහු පැමිණෙන විටත් පාක්ෂිකයින් හූ හඬ දෙමින් කෑකෝ ගහන්න ගත්තා.

´´පාවා දෙන්නෝ අපට ‍එපා - පන්දම් කාරයෝ අපට එපා´´ කියමින් පාක්ෂිකයින් හූ කියද්දී රෙජිනෝල්ඩ් කුරේ සිය කතාව ආරම්භ කළා.

රෙජිනෝල්ඩ්ගේ කතාවට දිගින් දිගටම බාධා වෙනවා දැක දැක එතනට අමාත්‍ය සරත් අමුණුගම පැමිණියා.

"සර් ආවට කමක් නෑ. හැබැයි මහින්ද මහත්තයට විරුද්ධව කතා කළොත් අපිත් නිකම් ඉන්නේ නෑ"

මේ ආකාරයේ තර්ජන කිරීම් බාධා කිරීම් සිදුවූ පසුබිමක ඒ රැස්වීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පැමිණීම වැළැක්වීමට සංවිධායකයින් පියවර ගත්තා.


MOST VIEWED VIDEO STORIES

MORE >>