Back to Top

කුලය නස්නා ශාපය..

March 19, 2016  

කුලය නස්නා ශාපය..



පෙබරවාරි මස ආසන්නතම එක් දිනකදී ඉන්දියාවේ නව දිල්ලිය පුරා රාජ්‍ය විශ්ව විද්‍යාල සසළ කරමින් නව දිල්ලියම කම්පා කරවන පුවතක් වාර්තා වූණි. ඒ 26 හැවිරිදි ආචාර්ය උපාධි අපේක්ෂක "රෝහිත් වෙමුලා" සිය නේවාසිකාගාර කාමරයේ සිවිලිමේ එල්ලා ඇති විදුලි පංකාවේ එල්ලී සිය දිවි නසා ගැනීමේ සිද්ධියයි.

දිල්ලියම සසළ කර වූ මෙම සිද්ධියත් සමඟින් සිය සහෝදර මිතුරාගේ ඉල්ලීම් ඉල්ලා විශ්ව විද්‍යාල සිසුන්ගේ හඬ අවධිවූ වාර අනන්තය.දිල්ලි නගරය පුරා ගමන්ගත් සිසුන් දහස් ගනණක් ඉල්ලා සිටියේ රෝහිත්ට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

මේ තත්ත්වය තුළ විරෝධතා බොහෝමයක් අතරින් පීඨ සිසුන්ගේ සහ ක්‍රියාකාරී මාධ්‍යයන් මඟින් "රෝහිත් සඳහා යුක්තිය" ‍ලෙස සංවිධානද පිහිටුවන්නට විය.



රෝහිත් වෙමුලා නම් 26 හැවිරිදි ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවාගේ මරණයට පැහැදිලි හේතුව නම් තම කුලය පිළිබඳ උපන් කෝපය යැයි විශ්වාස කරන්නට අප කාටත් සිදුවීම දුක්ඛ දායකය.

මෙම සිදුවීමට මසකට පෙර හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ සිසුන් දකුණු ඉන්දියාවේ වෙසෙන සිය මිතුරාගේ "නියමිත කුල" නම් කෘතිය දොරට වැඩීමේ උත්සවයටද සහභාගී වී තිබීම සහෝදර මිතුරන්ට ඇදහිය නොහැක්කකි.

පියා අහිමි ඔහුගේ කම්කරු මව හා ඔහු සාම්ප්‍රදායික හින්දු සමාජය ධූරාවලියේ පහළම ස්ථරය තුළ තම පවුල පවත්වාගෙන ගොස් ඇත.එකී කුල සංස්කෘතිය තුළ ජීවත් වූ ඔහුට තම සමාජ ධූරාවලිය පිළිබඳව උපන් කෝපයක් විය.දිනෙන් දින ඔහු ඒ පිළිබඳව කතා කරන්නට විය. සමස්ථ සමාජ ධූරාවලිය තුළ සිටින දරුවන්ට කුලය  නිසා අහිමිවී යන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට විය.එය රෝහිත්ගේ මව පවසන්නේ හද කකියනව හැඟුමකිනි.

"බේරිලා යනවා" බවට සළකනු කිරීම සඳහා භාවිතා කරන Vemula Dalit යන වචනයේ තේරුම නම් "තලා" හෝ "කඩා බිද දැමීම" යන අර්ථය දෙයි. එවන් අරුතක් ගත් නාමයක් තම දරුවාට තබන්නට වෙමුලාගේ මව උත්සුක වූයේ ඉන්දීය කුල සංස්කෘති තුළ බොහෝ විට හිංසාවට, පීඩාවට, ප්‍රචන්ඩත්වයට යටත් වෙන තම කුලය වෙනුවෙන් දිනෙක තම අයිතිවාසිකම් ඉල්ලීමට තම පුතු හඬ නගාවි යැයි සිතූ නිසාද?

එය කෙසේ වුවද ඉන්දියානු ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා නියමිත කුලයන් අත්විඳි ඉතා දුක්ඛිත වචනයක් ලෙස මෙම වචනය හඳුනාගෙන ඇත.

වෙමුලා නම් කීර්තිමත් උපාධි අපේක්ෂක විද්වතා විසින් වැඩසටහනක් පිණිස නිර්මාණය කළ කුලය නිසා හිමිවන දුක්මුසු තත්ත්වය පිළිබඳ දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටය ජාතින වශයෙන් පවා ගෞරවාදයට පාත්‍ර විය.

ඔහු අති දක්ෂ පඬිවරයෙක් විය. ඡන්ද බලය අහිමි ජන කොටස්වල අයිතීන් ලබා ගැනීමට ඉදිරිපත් වූ ජනප්‍රිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විය. තම මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ තරුණයෙක් විය. නමුත් නිරන්තරයෙන් නිර්භය ලෙස කුලය වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලූ ඔහුට තමන් පාලනය කර ගත නොහැකි වීද?



අයිතීන් වෙනුවෙන් තව දුර‍ටත් හඬ නගන්නට ඔහු සියදිවි ඉතිරිකර ගත්තේ නැත. "මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ඔහුගේ ක්ෂණික අනන්‍යතාව සහ ළඟම ඇති හැකියාව විසින් අඩු කරන ලදී".

ඉන්දියාවේ හොඳම විශ්ව විද්‍යාල අතර පවතින හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට නම් ඉහළ ධනයක් තිබිය යුතුය යන ඉන්දීය සමාජ මතය බැහැර කරමින්, තම කම්කරු මවද පෝෂණය කරමින් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් තමා විසින්ම උපයා ගත් ඔහු තම කුලයට අහිමි වී ගිය මිණි පහනක් බව ඔහුගේ මව මෙන්ම සුවහසක් ඉන්දීය වැසියන්ද පවසයි.

"ජීවිතය නම් ප්‍රශ්න පත්‍රයක් වේ" රෝහිත් රචනා කළ තවත් කෘතියකි.

ඉන්දියාවට නිදහස ලැබීමෙන් වසර කිහිපයක් ගතවීමෙන් පසුව ඉන්දියාව තුළින් පසෙකට විසි වූ මෙන්ම අනෙකුත් වරප්‍රසාද නොලත් කුලයන් සඳහා රජයේ රැකියා හා ආසන වශයෙන් සියයට 23 ක් පමණ ප්‍රතිශතයකට රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී ඇත.

එලෙස වරප්‍රසාද හිමිකර දී තිබුණද ප්‍රායෝගික වශයෙන් සිසුන් තවමත් දැඩි දිළිඳු තත්ත්වයක සිට අධ්‍යාපන කටයුතු කරගෙන යන බව නම් සැබෑය. වරප්‍රසාද හිමිකර දී තිබීම තත්වාකාරයෙන් නාමික වී තිබුණද විවිධ ලෙස වරප්‍රසාද හිමි වන්නේද සියලූ වරප්‍රසාද ඇති දරුවන්ටමය. නමුත් විවිධ දුෂ්කරතාවයන්වලට මුහුණ දෙමින් අධ්‍යාපනය පවත්වාගෙන යන විශ්වවිද්‍යාල සිසුන්ද ඒ තුළ ජීවිත්වෙයි. ඔවුන් තවමත් රැකියා වෙළෙඳපොළ තුළ පවා බරපතළ අවාසි තත්ත්වයන්ට මුහුණ දෙයි.

ඔවුන් උපාධි අපේක්ෂකයන් වුවත්, ඔවුන්ගේ ඇති හැකියාවන් නොසළකා හරිමින් සැමවිටම ඔවුන්ගේ කාර්ය සාධනය පිළිබඳව සැකයෙන් කටයුතු කරන බවද රෝහිත් මෙන් දුෂ්කරතාවයන්ට ලක් වූ සිසුන් කියා සිටියි.එපමණක් නොව පසුගාමී ප්‍රජාවන් අතර ඉදිරියට යාමට වුවද උත්තම සහ අඩු කුල අතර ඇති පරතරය පවතිනතාක්, ඔවුන්ට අනාගතයක් නොමැති බව පැවසෙයි.



මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් සමස්ථ සමාජ ක්‍රියාවලියම වෙනස් කළ යුතු බවද, එය කිරීමට යාමම තවත් සංකීර්ණ පැතිකඩයන් විද්‍යමාන කිරීමක් බවත්, මෙම සියලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන්නේ කුලීනයන් වීම නිසා බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පියකු වන  B.R. Ambedkar පෙන්වා දෙන්නේ 1949 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුණු පසුව, 1950දී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එම නිදහස තහවුරු කරනු ලැබුවද මොහන්දාස් කේ ගාන්ධි දේවානුභාවයෙන් දේශපාලන විප්ලවය, පරමාදර්ශ ආරක්ෂා කරන සමාජ විප්ලවය ගොඩ නැඟුවද තවමත් ඉන්දීය සමාජය පුරා පැතිරී පවතින කුල තත්ත්වයන් අතර සමානාත්මතාවයක් නම් නොමැති බවයි.

එවකට ඉන්දීය ජනරජයේ අනෙකුත් ප්‍රගතිශීලී ආරම්භකයන් නීති පොත්වල, සමාජ, ආර්ථික හා දේශපාලන යුක්ති ව්‍යාපාරවල පළමුව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කළේය.කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. කුල මත පදනම්ව කටයුතු කරන්නන් වෙනස් කිරීමට, සමාජය තුළින් එය පළවා හැරීමට, එහි බලපෑම්වලට ලක් වූවන්ට සාධාරණයක් ඉටු කිරීම, එම වරද යළිත් සමාජය තුළින් සිදු නොවීමට, යනාදී කරුණු කාරණා ඹස්සේ වරද නිවැරදි කිරීමට පියවර ගැනීමට ඉන්දීය රාජ්‍ය විසින් ජනතාව උනන්දු කරන ලදී.

දශකයක් ඇතුළත "කුලය සමූල ඝාතනය" කළ යුතුයි යන මතය කරළියට ගෙන ඒමටත්, කුලය සමාජයෙන් අතු ගා දැමිය යුතුයි යන සංකල්පය ඔස්සේ ක්‍රියා කිරීමට Ambedkar නම් ගෘහ නිර්මාණ ශිල්පියා නිරන්තරව කටයුතු කරන ලදී. නමුත් ඔහුගේ විශ්වාසය ක්‍රියාවලිය අසාර්ථක විය.



1970 දශකයේ අග භාගයේ දී ඉන්දීය රජය විසින් අවම කුල අතර තිබූ ආර්ථික, අධ්‍යාපනික, සමාජ අහිමි කිරීම් අවම කිරීමට මෙන්ම එකී තත්ත්වයන්ගෙන් පෙළෙන කණ්ඩායම් අධ්‍යයනය කිරීම සඳහා මැන්ඩල් කොමිසමක්ද පිහිටුවන ලදී. නමුත් අද මැන්ඩල් ප්‍රතිසංස්කරණ අව්‍යාජ, සමාන සමාජයේ Ambedkarගේ සිහිනයක් පමණක් වී තිබේ. එයට හොදම නිදර්ශනය නම් ‍රෝහිත්ගේ මරණයයි.වර්තමානයවන විට ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයට පරිණත ලෙස වියැකී ඇත.

Vemula අසතුටින් වුවත් පවතින සත්‍යය තේරුම් ගෙන ඇත. 2015 අගෝස්තු මාසයේ සිට මේ දක්වාම ඔහු දේශපාලන වශයෙන් තම අයිතීන් වෙනුවෙන් සටන් කළේය. විවාහ ගිවිසගෙන සිටියද මෙම තත්ත්වයන් හමුවේ අසාමාන්‍ය විශාදය හේතුවෙන් ඖෂධ ලබා ගනිමින් සිටි බවද ඔහුගේ මව පවසා තිබේ.

විශ්වවිද්‍යාල බලධාරීන්ගේ වෛරයට මුහුණ පා ඇති වෙමුලා එක් අධ්‍යයන වාරය දී ආචාර්යවරුන් සමඟින් තම අයිතීන් වෙනුවෙන් සටන් කරන ලදී.

කෙසේ වුවද අවසානයේ ඔහුගේ නේවාසිකාගාරය තුළ ඔහුගේ මාසික වේතනය නැතිව යාම නිසා මෙවැනි සිය දිවි නසා ගැනීමකට පෙළඹෙන්නට ඇත.

ඔහු සියදිවි නසා ගැනීමට සඳහාවන රාත්‍රිය තෙක් ශීත ඍතුවේ ශීතලම දුර බලා සිටින්නට විය. ඔහු නේවාසිකාගාර දොරටුව ආසන්නයේ  තබා ඇති ඇදෙහි මෙට්ටය මතට වී බ්ලැන්කට් කඳවුරු බැඳගන්නට ඇත. සෑම විටම තම කුලය නිසා නස්නා ශාපය පිළිබඳ සිතන්නට ඇත. ඒ දිනයට ආසන්න දින කිහිපයේ අනෙකුත් සිසුන් කිහිපය දෙනෙක් ඔහු සමඟ සිටි අතර,  ඔහු ඒ දින කිහිපය සතුටින් ගත කළ බව රෝහිත්ගේ මිතුරන් පවසයි.



Vemulaගේ මිතුරන් නිරන්තරව පැවසුවේ ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ප්‍රබෝධමත් සටන් පාඨය පවා නිර්මාණය කළ බවයි. එනම් දැනුවත් උද්ඝෝෂණ සංවිධානය" යන්නයි.

 සිසුන්ට ක්‍රියාශීලිව උද්ඝෝෂණ කරන්නට ඔහු නායකයා වූ බවත්, කණ්ඩායමේ සාමාජිකයන්ගේ ගැටළු පමණක් නොව, වෙනත් මතභේදාත්මක කරුණු පවා සාකච්ඡා කර ඉන්දීය වෘත්තීය සමිති සමඟ කාශ්මීරයේ ගැටළු සහගත සබඳතාවයේ සුළු ජාතීන්ට එරෙහි වර්ගවාදී ප්‍රචණ්ඩත්වය, විශේෂයෙන් මුස්ලිම්, නිල වශයෙන් ලෞකික ජාතිය දේ ගැන සාකච්ඡා කළ බවයි.

හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු සම්ප්‍රදායෙන් බැහැරව එනම් සම්මත කේත රචනය අනුගමනය නොකරන බව තම ක්‍රියාවලිය ඔස්සේ පෙන්වන්නට විය. ඔහු මෙන්ම කුලීන හා දේශපාලනිකව පීඩා විදින තරුණ ප්‍රජාව වෙනස් කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දැරීය .

ඉන්දියාව මැන්ඩල් නිර්දේශ විවාදයට ලක් වූ අවස්ථාවෙන් පසුව එහි ආර්ථිකය විවෘතව ආරම්භ විය.  2000 වර්ෂය වන විට ඉන්දියාවේ සමස්ත සෞභාග්‍යය මැද පන්තිය තුළට ගලා යන්නටත්, ඒ හේතුව නිසාවෙන්ම කුලීන බොහෝ දුගී ජනතාව ඉන් පහළ වැටීම ඉහළ ගොස් ඇති බවද සඳහන්ය. එහෙත් ලිහිල් නාගරීකරණය සමඟ ද අසමානතාවයේ බලාපොරොත්තු නොවූ ආකාරයේ නිර්මාණයන් සිදු වෙමින් පවතින බවද පැවසේ.

රෝහිත් මරාගෙන මැරෙන සටහනක්  ලියා ඇත. "එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාව පුරවැසියකු ලෙස මාගේ උපතට ගරුත්වයක් ලබා දී නැත. නමුත් උපතින් ගෞරවය සහතික කර තිබිය යුතුමය." ඒ රෝහිත්ගේ අවසන් වැකියයි.

අනුවාදයකි: ජාත්‍යන්තර නිව්යෝක් ටයිම්ස් පුවත්පත

MOST VIEWED VIDEO STORIES

MORE >>