Back to Top

ඉන්දියාවෙන් ඩො.මි. 700යි. එට්කා කොන්දේසි වැඩිවෙයි

March 17, 2016  




ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිත ණයක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අතර කතාබහක් ඇති විය. ”ලංකාවේ විදෙස් සංචිත දිනෙන් දින අඩුවෙමින් යනවා. ඒ අඩුවීම පියවාගන්න ආණ්ඩුව දැන් ඉන්දියාවෙන් ණයක් ගන්න හදනවා.” විජිත හේරත් කීවේය. ”ඔව්, ඩොලර් මිලියන 700ක් කියලා තමයි ආරංචිය. ස්ටොක් ලෝන් එකක් විදියට ගන්නවා. ලංකාව පොලිය ගෙවන්න  ඕනෑ. ඒ නිසාම තවත් අවාසියක් ලංකාවට වෙනවා. ඉන්දියාව ණය දීලා එට්කා ගිවිසුමේ කොන්දේසි තවත් වැඩකරන්න යනවා කියලත් දැනගන්න තිබෙනවා” අනුර දිසානායක කීවේය.

”ආණ්ඩුව අයි.එම්.එෆ්. එකෙන් ණයක් ඉල්ලලා තියෙනවා. එහෙම තියෙද්දී තමයි ඉන්දියාවෙන් ණය ගන්න යන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”අයි.එම්.එෆ්. එකේ ණය ප‍්‍රමාද වෙන නිසා තමයි ඉන්දියාවෙන් කඩිනම් ණයක් ගන්නේ” විජිත හේරත් කීවේය.

මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වී තිබිණි. ”දැන් මේ පළාත් පාලන ඡන්දේ කල්දාන්නේ එජාප, ශ‍්‍රීලනිප පක්ෂ ඇතුළේ අර්බුද විසඳගන්න. ආණ්ඩුව මුලින් කිව්වා මුල් පනතේ අඩුපාඩු ඉවත් කරනවා කියලා. දැන් ඒකත් පස්සට දාලා තියෙන්නේ” බිමල් රත්නායක කීවේය.

”ඡන්දේ කල්දාන එකත් වැරදියි. පනතේ අඩුපාඩු හදන්නේ නැතිව කල්දාන එකත් වැරදියි. අඩුම තරමේ පනත හෝ සංශෝධනය කරනවානම් සාධාරණ හේතුවක් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලපෑම් කරන්න  ඕනෑ පනතේ සංශෝධන ඉක්මනට ගේන්න කියලා. නැතිනම් දැන් තිබෙන විදියට ඡන්දය පවත්වන්න කියලා” ටිල්වින් සිල්වා කියා සිටියේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>