Back to Top

උඹලා කියන්නේ මහින්ද අගමැති කරන්න කියලනේ, ඒක නම් වෙන්නේ නෑ පුතෝ

March 5, 2016  



සත්තුන්ගේ නම් කියාගෙන බැණගත්තු ඇමති එස් බී දිසානායකට, පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු ලොබියේදී ප්‍රසන්න රණතුංග හමුවුණා. ඉදිරියට එන ඇමති එස් බී සමග ප්‍රසන්න සිනාසී කතා කළා.

"ආ.. කොහොමද ඇමතිතුමා"

"ඉන්නව මල්ලි. උඹ මට උරුලෑවා කිව්වා නේද ?"

"ඔව් ඉතිං, ඔබතුමා මහින්ද මහත්තයාට කලවැද්දා කිව්වානේ"

"මම මහින්දට කලවැද්දා කිව්වේ නෑ"

"එහෙනම් මමත් ඔබතුමාට උරුලෑවා කිව්වේ නැහැ"

එස්.බී සහ ප්‍රසන්න කතා කරමින් ඉන්නවා දැකපු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීසවරුන් කිහිපදෙනෙක්ම එතනට ආවා.

"මොකක්ද මේ උඹලා කියන්නේ, ආණ්ඩුවට වැඩ කරන්න දෙන්නෙම නැද්ද ?"

ඇමති එස් බී මාතෘකාව වෙනස් කළා.

"ඔබතුමා‍ලගේ මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ, රනිල්ගේ ආණ්ඩුවත් එක්ක වැඩකරන අයට අපේ මිනිස්සුන්ට පේන්න බෑ"

"හරි දැන් උඹලා මොකක්ද කරන්න තියෙන්නේ"

"උඹලා කියන්නේ මහින්ද අගමැති කරන්න කියලනේ, ඒක නම් වෙන්නේ නෑ පුතෝ"

"මහින්ද බැරිනම් ඔබතුමා අගමැති වෙන්න"

කෙරෙන වැඩක් නෙමෙයි උඹලා කතා කරන්නේ කියමින් ඇමති එස් බී හිනාවෙලා යන්න ගියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>