Back to Top

ලොකු ලොක්කෝ කිහිපදෙනෙක්ට දඬුවම් දියයුතුයි

February 12, 2016  




පසුගිය සඳුදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ නිල නිවසට කැඳවා තිබුණා. මුලින්ම ජනාධිපතිවරයා සිය අරමුණ පැහැදිලි කළා.


´´දැන් මේ පක්ෂයේ අභ්‍යන්තර ගැටලු විසඳගන්න කාලය හරි. දැන් සමහරු කිය කිය යනවා අලුතින් පක්ෂ හදනවා කියලා. යෝෂිත රාජපක්ෂට විරුද්ධව නීතිමය පියවර ගන්න‍කොට මම ඒකට මැදිහත් වුණේ නැහැ"


´´මේ පක්ෂයේ හත් අට දෙනෙක් ඉන්නවා මේ පක්ෂය විනාශ කරන්න හදන. දැන් ඉවසුවා හොඳටම ඇති, හෙට අනිද්දම මධ්‍යම කාරක සභාව කැඳවලා මේ අය ගැන තීන්දුවක් ගන්න ඕන"


ජනාධිපතිවරයාගේ දීර්ඝ කතාව අහගෙන හිටපු, ඇමති නිමල් සිරිපාල ද සිල්වා නැගිට්ටා.


"මේ වෙලාවේ එකවර එපමණ පිරිසකට එරෙහිව විනය පියවර ගැනීමෙන් ලොකු ගැටලුවක් ඇතිවිය හැකියි. ඒ නිසා කිහිපදෙනෙකුට පමණක් විනය පියවර ගන්න"


එහෙම කරන්න බැහැ. ඔබතුමා කියන විදිහට කළොත් මේ අය පාඩමක් ඉගෙනගන්නේ නැහැ. ඒ නිසා ලොකු ලොක්කෝ කිහිපදෙනෙක්ට දඬුවම් දියයුතුයි."


නිමල් සිරිපාලගේ යෝජනාවට මහ‍ලේකම් දුමින්ද දිසානායක විරුද්ධ වුණා.


කොහොම වුණත් විනය පියවර ගැනීම අද දින මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දු කිරීමට ජනාධිපතිවරයා තීරණය කළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>