Back to Top

සභාපතිකම යළිගන්න නැත්නම් පක්ෂයක් හදන්න

February 12, 2016  



පසුගියදා නුගේගොඩ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී නව පක්ෂය හැදීමේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වුණා.


"මේ පලිගැනීම නවත්වන්න ජනාධිපතිතුමාට ඕනෑකමක් නෑ. එක්සත් ජාතික පක්ෂය පරවද්දන්න ඇත්ත උවමනාවකුත් එතුමාට නැහැ. ඒ උවමනාව තියෙන්නේ ඔබතුමා ඇතුළු අපටයි. ඒ නිසා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම යළිගන්න. නැත්නම් අලුත් පක්ෂයක් හදන්න."


මේ සාකච්ඡාවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වුණා.


මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම පිළිගත් මහින්ද රාජපක්ෂ නව දේශපාලන ගමනක් සඳහා පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමටත්, ලබන ඉරිදා රට පුරා සිටින සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ගේ අනුමැතිය ගැනීමටත් තීන්දු කළා.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා සිදුවන සාකච්ඡා ද මේ අතරතුර වට කිහිපයක් පැවැත්වුණා.


නව පක්ෂයක් හැදුනත් දොගොල්ලන්ටම එකට එකතුවී මැතිවරණයක් කිරීමේ හැකියාව ඇති බව මහින්ද පිලේ අය මෙහිදී පෙන්වා දුන්නා.


පක්ෂයෙන් යම් අයෙකු නෙරපා හැරියහොත් ලණුව ගිලිහුණ ගවයන් මෙන් කිසිදු අවනතභාවයක් නැතිවන බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නා.


මේ සියලු තත්ත්වයන් සලකා බලා අද දිනයේදී දැඩි විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් දෙපාර්ශවයේම පිරිස් ඉල්ලා සිටියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>