ජවිපෙ අවධානය පොලිසිය වෙත...
January 22, 2016
ජවිපෙ නායකයින් අතර කතාබහක් ඇතිවුණේ වර්තමාන පොලිසියේ කි්රයාකාරිත්වය සම්බන්ධයෙනි. ”මේ වෙනකොට පොලිසිය සම්බන්ධයෙන් නරක චිත්රයක් ජනතාවට තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජනතාවත් ලොකු අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා පොලිසියේ අත්තනෝමතික කි්රයා නිසා. රාජපක්ෂ පාලනය කාලේ පොලීසිය දේශපාලනයට යොදාගත්තා. මේ ආණ්ඩුවත් කිසි වෙනසක් නැහැ. ඒ නිසා පොලිසියත් තමන්ගේ සීමාව පැනලා කටයුතු කරනවා” විජිත හේරත් කීවේය.
“පහුගිය කාලේ කටුනායක වෙඩිතැබීම්, හලාවත් වෙඩි තැබීම්, වැලිවේරිය ඝාතන කතා කළා. පොලිසියට චෝදනා එල්ල වුණා. දැන් සිසුන්ට පහර දෙනවා. පොඩි උත්සවවලට පොලිසිය ගිහින් අරක්කු ඉල්ලලා ගැටුම් ඇතිකරගන්නවා. සේයා දැරියගේ සිදුවීමෙනුත් පොලිසියට චෝදනා එල්ල වුණා. ඒ නිසා මේ ගැන ජනතාවගේත් පාර්ලිමේන්තුවේත් අවධානය යොමුකරන්න කල් තැබීමේ විවාදයක් යෝජනා කරමු” පක්ෂ නායක අනුර දිසානායක යෝජනා කළේය.
”පොලිසියේ අඩුපාඩු කතා කරන්නත් ඕනෑ. ඒ වගේම පොලිසිය මුහුණ දීලා තිබෙන අනෙකුත් ගැටලූ ගැනත් අපි කතා කරමු. ඔවුන්ගේ සේවා ගැටලූ, ස්ථාන මාරුවීම්, වැටුප්, දීමනා පිළිබඳවත් අපි අවධානය යොමුකරන්න ඕනෑ” බිමල් රත්නායක කීවේය.