Back to Top

ජල පෝෂිත වනාන්තර නසමින් විදුලි බලාගාර 108ක් ඉදිකරයි

January 13, 2016  



සිංහරාජයේ කොස්ගුලන, ලක්ෂපාන දිය ඇල්ල, ඇලි හත පමණක් නොව තවත් වනාන්තර විනාශ කරමින් කූඩා විදුලි බලාගාර ඉදිකිරීමෙන් නොනැවතී ජාතික භෞතික සැලැස්ම අනුකූලව බලශක්ති මධ්‍යස්ථානයක් බවට මෙරට පත් කිරීමට නව ගල් අගුරු බලාගාර මෙන්ම විවිධ තිරසාර නොවන ක‍්‍රම ගණනාවකට රජය මේ වන විට අතගසා තිබේ.

ඒ අනුව දිය ඇලි , ගංගා, ජල පෝෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව කුඩා විදුලි බලාගාර 108 ක් ඉදිකිරීමට බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුම් සකස්කර ඇත.

හිටපු ආමාත්‍යවරිය පවිත‍්‍රාදේවි වන්නිආරචිචි මහත්මිය විසින් මෙම ප‍්‍රතිපත්තිය සකස් කළ අතර පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වනවිට එය සිදුකරගෙන යනු ලබයි.
 
මේ වන විටත් ඇතම් විදුලි බලාගාර ඉදිකිරීම ආරම්භ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම, ගිං ගඟ ආශ‍්‍රිතව ,ශ‍්‍රි පාදය, සප්තකන්‍යා ‍, මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ‍්‍රිතව , වී ඔය තුළ කිසිදු පරිසර තක්සේරු වාර්ථාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්භාවික පරිසර පද්ධති හා ජල මූලාශ‍්‍ර විනාකරමින් මේ වනවිට විදුලි බලාගාර ඉදිකිරීම් ආරම්භ කර ඇත.

අම්පනාගල, වේවතැන්න, කොම්බරාව ගඟ, සිතාවක ගඟ, කරගහතැන්න, ඇල්ලහේන, රන්නොක් කන්ද, උඩුවකන්ද, මලපොල , ඔහිය, මාලිබොඩ, බෙවරලි, ඇළගල් ඔය,පොතු පිටිය, සිංහරාජයේ එනසාල් වත්ත ,මුරුතැන් ඇළ, සියඔලාගොඩ, පොතුපිටිය, ඇල්ටන් මින්න, උඩ වෙළ, පහළ කොත්මලේ ඔය, කෙහෙල් වත්ත, වී ඹය, එගොඩ වෙළ, කෑගලු ඔය, බුලත් වත්ත, පහළ ලේ මස්තොට, කැමිපියන්, ඉංගිරිය, අඔගමුව, ලිනොන්, කුකුල් ඔය, හනුගල , මඩුවන්වෙල, මීපිලිමාන, බටුවන්ගල, දඹුලූ ඔය, යටිමහන, බෙරමාන, කුඩාගල, සිරි ඔය, කඩවර, බඔරබොටුව, දෙදුගල, බහරැන්ද, ලොග්ගල් ඔය, පතන, බෙරනාව, බටගොල්ල ,මොරගහ, හුළුගග, කොළිඔය, පූනා ඔය, ගම්තුන, බොපේ කන්ද, ,කනම්බරාව,  වෙලේගම , ඉබිබන් ඔය, රිදීපාන, අලකොගල, පූනාගල, ඉහළ රතු ගඟ , ගෝමළේ, අංගරන්කන්ද ඇළ, දොතල් ඔය, බඔරවාන, මහබාගේ, පලගොල්ල, බනමඩු ඔය, මා ඔය, කෙබිලිදොව, එලමල්දෙණිය, දෙමෝදර, හලගන් ඔය, බොරලන්ද,

එමෙන්ම ලොග්ගල් ඔය, එනදු ඇළ, මීනගල ඇළ, වින්සොර් කැළය, උමා ඔය, නෙලූක්කාන, රුවන් කදුර, ඉහළ වොල්ටීරීමි,  මාපළාන, පලාබද්දල, මහෝදොල, කෙහෙල්ගමු ඔය, ගිලී මලේ රක්ෂිතය, මෙදේරිපිටිය සිංහරාජය, පාරමිබේ, කටරන් ඔය, ගොමිබරු ඔය, පහළ කොත්මහලේ, නෝර්වුඩු, බෝගාවෙල ඇළ, අඔ ගහ කන්ද, මාන්න ඇල්ල, කොස්වතු ගග, ඇළමුල්ල වැනි ජල මූලාශ‍්‍ර හා ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධති රාශියක් ආශ්‍රිතව මෙම කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම් සිදුකරන අතර ජල මූලාශ‍්‍ර සිදී යාමට හා මධ්‍යම කඳුකරය අතර මැදි කලාපය හා වියළි කලාපය තුළ අනාගතයේ විශාල ජල අර්බුදයක් ඇති වීමට හා කඳුකරයේ ජල පෝෂිත සිදී යාමට මෙම ව්‍යාපෘති බලපානු ලබනු බව නිසැකවම රන්දෙණිගල, රන්ටැ‍ෙඕ, වැනි ජලාශ අශ‍්‍රිත දැනට උද්ගත වී ඇති තත්ත්වය තුළින් නිසැකවම අවබෝධ කරගත හැකිය.

පෞද්ගලික සමාගම්  78 කට වැඩි ප‍්‍රමාණයක් මෙම විදුලිබලාගාර 108 ඉදිකිරීමට ආයොජනය කර ඇති අතර පරිසර සංගම් කිහිපයක් ද මෙම ව්‍යාපෘති වල හවුල් කරුවන් සේ සිටින බවට තොරතුරු ලැබී ඇත.

මෙලෙස විදුලි නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට විදුලිය විකිණිම මෙම සමාගමි 78 විසින් සිදු කරණු ලබන අතර ඉදිකිරිම් සියල්ලම වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත, ජාතික පාරිසරික
පනත ඇතුළු පාරිසරික අණ පනත් මෙන්ම සිවිල් නිතිද උල්ලංඝණය කරමින් ඉදිකිරීම් කිරීම ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මෙම විදුලි බලාගාර ඉදිකිරීමේදි නිසි අධ්‍යයනයන් කළ යුතුව තිබුනද පරිසරය පිළිබද කිසිදු තැකීමක් නොකර තම තමන්ගේ බලශක්ති වෙළඳාම වෙනුවෙන් පරිසරයේ සියලු වටිනාකම් මෙම ව්‍යාපෘති හරහා සිදුකරන අතර පරිසර අමාත්‍යංශය , මධ්‍යම පරිසර අධිකාරිය වෙනදා මෙන් පරිසරය නසන මෙම පෞද්ගලික ආයතන සුරකමින් පරිසරය නසමින් සිටී.

දැනටමත් ඉදකිරීම් ආරම්භ කර ඇති ඇතැම් විදුලි බලාගාර ඉදිකිරිමට කරන පිපිරවීම් නිසා ඉදිකිරීම් කරන සෑම ප‍්‍රදේශයක් පුරාම දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින අතර එය ස්වභාවදහමේ
සොදුරු දසුන් මෙන්ම සියලු වටිනාකමිද විනාශ කරන සංවර්ධන කටයුත්තක් ලෙස පෙන්වාදිය හැකිය.

ඉහළ ජලධාරා හා අනෙක් ජල මුලාශ‍්‍ර ආශ‍්‍රිතව කරන මෙම ඉදිකිරීම් නිසා මිරිදිය මත්ස්‍යයන්ගේ බෝවන ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ පරිසර පද්ධතියේම ජෛව විවිධත්වයට බරපතළ හානියක් සිදුකරන ක‍්‍රියාදාමයකි.

දැනට කුඩා විදුලි බලාගාර ඉදිකිරිම් කෙරෙමින් පවතින ප‍්‍රදේශ තුළ ගංඟා වියලීම හා වෙනස්වීම් සිදුවී තිබේ. මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපෑමක් සිදුවන අතර ඇතැම් ජීවී විශේෂ වඳවී යාමටද මෙම විදුලි බලාගාර හේතු වෙමින් පවතී .

ගංගා හා ජල මුලාශ‍්‍ර හරස් කොට වේළි ඉදිකිරිම නිසා ජලය ගලාගෙන යන වේගය අඩුවීම තුළින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ජලජ ජීවීන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවිම තුළින් ජලය ආශ්‍රිත ජීවත් වන දේශිය මත්ස්‍ය විශේෂ හා ශාක විශේෂ වදවී යාම සිදුවේ . මේ බවට අලුතින් ඉදිකරන සියලුම ඇළ වේළි සාක්ෂි ලෙස පෙන්වා දිය හැකිය.

රටේ ශාක පද්ධතිය විනාශ කර දැමීමේ ප‍්‍රතිඵලයක් ලෙස වසරින් වසර වර්ෂාව අඩු වී යාම නිසා ජලයේ සැළකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන අතර මෙම විදුලි බලාගාර ක‍්‍රියාත්මක වීම හා ඉදිකිරීම නිසා මෙම තත්වය වඩා වර්ධනය වේ. මෙම විදුලි බලාගාර ඉදිකිරීම නිසා මධ්‍යම කඳුකරය හා තෙත් කළාපයට වන හානිය සමස්ථ ශ‍්‍රී ලංකාවේ සත්ව හා ශාක ප‍්‍රජාවට මෙන්න සියලුම මිනිසුන්ටත් නොයෙක් අයුරින් බලපානු ලබයි.

අන්තර්ජාතික බලශක්ති එජන්සිය (IEA) පර්යේෂණ වලින් පවා පෙන්වා දෙන්නේ කුඩා විදුලි බලාගාර ඉදිකිරීම පරිසරිය හා ජලය විනාශ කරන සාධකයක් ලෙසය. කුඩා විදුලි බලාගාර වලින් පරිසරයට ,මානව සමාජයට මෙන්ම එම රටවල ආර්ථිකයට ද දැඩිව හානි සිදුවන බව පර්යේෂකයන් විසින් පෙන්වාදී ඇත. එයට හොදම උදාහරණ ලෙස ඊජිප්තුවේ අස්වාමි ව්‍යාපෘතිය පෙන්වාදිය හැකි අතර ඉන්දියාවට පවා විදුලි බලය ලබාදීමට හැකි යැයි පවසමින් ආරමිභ කළ වික්ටෝරියා,රන්දෙණිගල, රන්ටැ‍ඹේ වැනි විදුලි ව්‍යාපෘති පෙන්වාදිය හැකිය.

මහා පරිමාන ජල විදුලි ව්‍යාපෘති අසාර්ථක වෙමින් පවතින මොහොතක කුඩා විදුලි බලාගාර වලින් විදුලි අර්බුදයට විසදුම් සෙවීම තරම් තවත් අනුවන ක‍්‍රියාවක් නොමැත. කුඩා විදුලි බලාගාර ඉදිකරමින් රටවල් පරිසරය හා ආර්ථිකය විනාශ කර ගත් බටහිර රටවල් තම රටවලින් එවැනි විනාශකාරි ව්‍යාපෘති ඉවත් කරමින් සිටින මොහොතක එම අත්දැකීම්වත් තුටිටුවකට මායිම් නොකර ආර්ථික වාසි ගැන පමණක් හිතමින් එකිනෙකාට අවශ්‍ය පරිදි වටිනා පරිසරය විනාශ කිරීමට ඉඩ දී තිබේ.

එමෙන්ම මේ වනවිට ජර්මනිය, රුසියාව ඇතුළු රටවල් කිහිපයකින් ඉවත් කරන න්‍යෂ්ටික බලාගාර දකුණු ආසියානු රටවල් වල ස්ථාපිත කිරීම තුළ දේශපාලන සහයොගීතාවයන් සිදුවන අතර ජාතික භෞති සැළසුම ප‍්‍රකාරව මෙරට තුළ න්‍යෂ්ටික බලාගාර, ගල් අගුරු බලාගාර, හා කුඩා විදුලි බලාගාර 108 ඉදිකිරීම සිදුකරනු ලබන අතර අසියාවේ ආශ්චර්ය මෙන්ම යහපාලනයද කරන්නේ ගෝලීය බලශක්ති දේශපාලනයට අනුව කටයුතු කිරීම හා සියලු බලශක්ති ප‍්‍රභවයන් සමාගම් අතට පත් කිරීමයි.

තත්පර දාහතරක් තුළ සුර්යයාගේ සිට පෘතුවි තලයට වැටෙන හිරු එළිය පිළිබඳ විශ්වාසය නොතබා මෙවන් ජල විදුලි බලාගාර, ගල් අගුරු බලාගාර වල බලශක්තිය ගැන විශ්වාසය තබන නායකයින්, පාලකයින්, වෘත්තිකයින්, අධ්‍යාපන වේදීන්ගේ ද සහයෙන් කුඩා ජල විදුලි බලාගාර 108 පමණක් නොව න්‍යෂ්ටික බලාගාර පවා ඉදිකර මෙරට බලශක්ති මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍ය ගොලීය සැළසුමට රටවල් 36 සමගත්‍ මේ වනවිට එකගතාවයට පැමිණ ඇත.

මෙරට විකල්ප බලශක්ති ලෙස උදම් රළ, සුළඟ, හිරු එළිය ප‍්‍රයෝජනයට ගනිමින් බලශක්තිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී ඒ පිළිබද කිසිදු තැකීමක් නොකර විදුලි අර්බුදය පාරිසරික හා ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය කිරීමට මෙවන් ව්‍යාපෘති හේතුවනවා ඇත.

එමෙන්ම දේශීය බලශක්ති ප‍්‍රභවයන් ගණනාවක් ලංකාවේ බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස ගත හැකි අතර එවන් ක‍්‍රමවේදයක් වෙනුවෙන් උත්සහයක්වත් දේශපේ‍්‍රමී සළු පොරවාගත් අමාත්‍යවරු හෝ නායකන් දරන්නේ නැත. ඒ වෙනුවෙන් ඔවුන් රටේ බලශක්තිය හා ස්වභාවික සම්පත් සමාගම් වලට විකුණමින් සිටීම මෙයට හොදම උදාහරණයකි.

පරිසරයට හා මානවායට අහිතකර නොවන බලශක්ති ප‍්‍රභවයන්ගෙන් ප‍්‍රයෝජනයට ගැනීමට ඉඩකඩ තිබියදී පාලකයන්ගේ හා සමාගම් වල ලාභය තකා පරිසරය හා මිනිසා නැසීම කිසිදු සමාජයක සිදු නොවිය යුතු වුවත් අද දවසේ ලංකාව මුහුණ දී ඇත්තේ මෙම අභාග්‍ය සම්පන්න ඉරණමටය.


පුජ්‍ය වෑකඳවල රාහුල හිමි
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය


MOST VIEWED VIDEO STORIES

MORE >>