පොඩි ළමයි කරනවා වගේ වැඩ කරන්න හදනවා
January 8, 2016
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය හයවෙනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැුස්විය. එහිදී විශේෂයෙන්ම කතාබහට ලක්වූයේ සම්පාදනය කිරීමට යන අලූත් ව්‍යවස්ථාව පිළිබඳවය. එහිදී මුලින්ම අදහස් දැක්වූයේ පක්ෂ නායක අනුර දිසානායකය. ”ජනාධිපතිතුමා යෝජනා කළේ අලූත් ව්‍යවස්ථාවක් හදන්න මුළු පාර්ලිමේන්තුවම කාරක සභාවක් කරනවා කියලා.” අනුර දිසානායක කියා සිටියේ නොකෙරෙන දෙයක් පිළිබඳව අදහස් දක්වන ආකාරයෙනි.
”ඔව් නමුත් දැන් කියන්නේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් කරන්න යනවා කියලා.” ලාල්කාන්ත කියා සිටියේය. ”1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් කරන්න පුළුවන්කමක් නැහැ. ආණ්ඩුව ඔය මොන දේ කිව්වත් අන්තිමට එළියට එන්නේ ආණ්ඩුවට ඕන ව්‍යවස්ථාව සැකිල්ලක්.” විජිත හේරත් වෙන්න පුළුවන් දේ කලින්ම කීවේය.
”ආණ්ඩුවේ මොකක් හරි සූදානමක් තියෙන්න ඕනෑ අලූත් ව්‍යවස්ථාවක් හදන්න. නමුත් ආණ්ඩුව මේ වෙනකොට අවශ්‍ය මූලික දේවල් ටිකවත් කරලා නැහැ. ජයම්පති වික්‍රමරත්නලා නිකන් පූර්විකාවක් දාලා තියෙනවා. එහෙම දෙයක් ව්‍යවස්ථාවක් හදනවා වගේ දෙයකට වැදගත් වෙන දෙයක් නෙවෙයි.” සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේය.
”ආණ්ඩුව කියන්නේ ජනතාවගේ අදහස් අරගෙන අලූත් ව්‍යවස්ථාවක් හදනවා කියලා. එහෙම කිව්වට ජනතාවගෙන් අදහස් ගන්න ආණ්ඩුව යෝජනාවක් තියෙන්න ඕනෑ. ඒ කියන්නේ ආණ්ඩුව මුලින්ම ප්‍රවීණයන් එකතු කරලා අලූත් කෙටුම්පතක් හදන්න ඕනෑ. ඒ කෙටුම්පතට තමයි ජනතා අදහස් ගන්න ඕනෑ. දැන් ආණ්ඩුව පොඩි ළමයි කරනවා වගේ වැඩ කරන්න හදනවා” ටිල්වින් සිල්වා ආණ්ඩුව කළ යුතු දේ ගැන අදහස් පළ කළේය.
”මෙහෙම ගියාම වෙන්න පුළුවන් දේ තමයි එන්ජී ඕ කණ්ඩායම්, බෙදුම්වාදී කණ්ඩායම්, ජාතිවාදීන් එකතු වෙලා බෙදුම්වාදී ව්‍යවස්ථාවක් හදන්න යෝජනා ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ ආණ්ඩුවත් බටහිරට ගැති ආණ්ඩුවක් නිසා බටහිරට ඕන විදියට ව්‍යවස්ථාවක් එළියට දාන්නත් පුළුවන්. ඒ අනතුරත් රටට තිබෙනවා.” බිමල් රත්නායක මන්ත්‍රීවරයා සිදුවිය හැකි අනතුරක් පිළිබඳව අවධානය යොමු කළේය.
”ඔව්. එහෙම වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි පක්ෂයක් විදියට මේ වැඩේ අතට ගන්න ඕනෑ. නැතිනම් බටහිර න්‍යාය පත්‍රයක් කි‍්‍රයාත්මක වෙන්න තිබෙන ඉඩ වැඩියි. මේ ගැන අපි ජනතාව හොඳින් දැනුවත් කරන්න ඕනෑ” විජිත හේරත් කීවේය. ”රටේ භෞමික අඛණ්ඩතාවය, ජාතික සමගිය, ආගමික සංහිඳියාව මේ හැම දෙයක් ගැනම සාධාරණව බලන අලූත් ව්‍යවස්ථාවක් තමයි අපි හදාගන්න ඕනෑ. නැතිනම් ආයෙත් වෙන්නේ ගහමරාගන්න සමාජයක් බිහිවෙන එක විතරයි. නැතිනම් ගැටුම් හැදෙන ව්‍යවස්ථාවක් හදලා ඒකට හැප්පෙන එක විතරයි කරන්න වෙන්නේ.” අනුර දිසානායක කියා සිටියේය.
”ආණ්ඩුව කපටි විදියට මේ අලූත් ව්‍යවස්ථා මාතෘකාව ඉස්සරහට දාලා අනෙක් ප්‍රශ්න යටගහන්නයි හදන්නේ. අලූතෙන් හදනවා කියන ව්‍යවස්ථාවෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය වැඩිවෙන්නේ නැහැ. ගොවියට පොහොර ටික, ගොවි විශ්‍රාමය ලැබෙන්නේ නැහැ. පාසල් ළමයින්ට හරියට නිල ඇඳුම් ටික ලැබෙන්නේ නැහැ. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ඕන වගේම රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නත් ආණ්ඩුව පොළඹවන්න ඕනෑ. ආණ්ඩුව යටගහන ප්‍රශ්න උඩට අරගෙන විසඳුම් ලබාගන්න එක අපි කරන්න ඕනෑ” ලාල්කාන්ත කියා සිටියේය.