Back to Top

මහින්ද පැකර් ගෙනාවා - රනිල් සෝරෝස් ගේනවා

January 8, 2016  



මේ ආණ්ඩුව ආර්ථික සමුළු තියන්නේ ජෝර්ජ් සෝරෝස්ලත් එක්ක. සෝරෝස් තමයි නැගෙනහිර ආසියාවේම ආර්ථිකේ වැට්ටුවේ. ලෝක ආර්ථිකයෙන් විශාල පංගුවක් එක දවසෙන් තමන්ගේ අතට අරගෙන ජාවාරම් කරපු ජාවාරම්කාරයෝ තමයි මේ ආණ්ඩුවට ලොකුවෙලා තියෙන්නේ. පැක්ර්ලට, සෝරෝස්ලට  ඕනකරන ආර්ථිකයක් තමයි මේ ආණ්ඩු හදන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

”සෝරෝස්ම කියලා තියෙනවලූ රටවල් කිහිපයක මුදල් එක් පුද්ගලයෙකුගේ අතට ගන්න පුළුවන්නම් ඒ ආර්ථික ක‍්‍රමයේ බරපතළ අර්බුදයක් තියෙනවා කියලා. ඒකෙන්ම ඔප්පුවෙනවා මේ ආණ්ඩු අනුගමනය කරන ආර්ථික ක‍්‍රමයේ වැරැද්දක් තිබෙනවා කියලා.” බිමල් රත්නායක කියා සිටියේය.

”සෝරෝස්ලට අනුවම ආර්ථික ක‍්‍රමයේ වැරැද්දක් තිබෙනවා. ඒ වගේ ජාවාරම්කාරයෝ ලංකාවට ගේන එකෙන් වෙන්නේ අපේ රටේ මුදල් ටිකත් ජාවාරම්කාරයින් අතට පත්වෙන එකයි. ඒක දැන දැනම ආණ්ඩුව ඉඩ හදලා දෙන එක තමයි භයානකම කාරණය.” ටිල්වින් සිල්වා කීවේය.

”මහින්ද පැකර් ගෙනාවා. දැන් රනිල් සෝරෝස් ගේනවා. පැකර්ලාගේ සෝරෝස්ලගේ පාලනයක් තමයි මේ ආණ්ඩු දෙකම ගෙනියන්නේ. තමන්ට කියලා ආර්ථිකයක් හදාගන්න මේ පාලකයින්ට බැරි තරමට අර්බුදයට ගිහින් තියෙන්නේ. මේකෙන් වෙන්නේ ඉතිරි වෙලා තියෙන රාජ්‍ය දේපොළ ටිකයි රටේ සම්පත් ටිකයි රටේ ජනතාවට අහිමි වෙන එක. සෝරෝස්ලට බඩපිනුම්ගහන්න ආණ්ඩුව ඉඩ හදලා දෙනවා.” ලාල්කාන්ත කියා සිටියේය.

”ඒ නිසා මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාමාර්ගවලට එරෙහිව අපි වැඩපටන් ගන්න  ඕනෑ. මේ ආණ්ඩුවට සහාය දුන්න විශාල පිරිසකටත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ එපා වෙලා තියන්නේ. කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් විශාල පිරිසක් අපේ විරෝධතා රැුලියට සහාය දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ.” විජිත හේරත් කීවේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>