Back to Top

අලුත් උපක‍්‍රමයක් කල්පනා කරන්න වෙනවා

January 8, 2016  




මේ දිනවල යාපනයේ සිටින රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් විජිත හේරත්ට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ පසුගිය දිනයක යාපනයේ ධීවරයින් පිරිසක් සහ ඉන්දියන් ධීවර පිරිසක් අතර ඇතිවූ ගැටුමක් පිළිබඳවය. ”ඊයේ පෙරේදාත් ඉන්දියන් ධීවරයින්ගේ බෝට්ටු දෙකක් අල්ලා ගත්තා. ඒ වෙලාවේදී අපේ ධීවරයින්ගේ බෝට්ටුවක් මුහුදේ ගිලිලා තියෙනවා. හැමදාමත් උතුරේ ධීවරයින්ට මේ වගේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ක්ෂණික මැදහත්වීමක් වගේම මේ ප‍්‍රශ්න දීර්ඝකාලීන විසඳුමක්  ඕනෑ. නමුත් මේ ප‍්‍රශ්නයට ආණ්ඩුවට කිසිම විසඳුමක් නෑ මේ වෙනකල්.” රාමලිංගම් චන්ද්‍රසේකර් ගැටලූව විස්තර කළේය.

”අපි මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරලා නිවේදනයක් යවමු. මේ ප‍්‍රශ්නය දිගින් දිගටම අපි පාර්ලිමේන්තුවේත් කතා කරලා තියෙනවා. මේ ගැන විශේෂ මැදහත්වීමක් කරන්න වෙනවා. උතුරේ ධීවරයින් සම්බන්ධකරගෙන අලූත් විදියේ උපක‍්‍රමයක් මේ ප‍්‍රශ්නය විසඳන්න යොදාගන්න කල්පනා කරන්න වෙනවා.” විජිත හේරත් කියා සිටියේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>