ජනවරමට පිටුපෑමට එරෙහිව ජවිපෙන් රැලියක්
December 18, 2015
ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය 16වැනිදා පැලවත්ත ජවිපෙ ප්රධාන කාර්යාලයේදී රැස්වුණේ පවතින දේශපාලන තත්ත්වය සමාලෝචනය කර ඉදිරි දේශපාලන වැඩකටයුතු සැලසුම් කරගැනීමටය.
”ආණ්ඩුව අවුරුද්දක් යන්න කලින් ජනතාවගේ බලාපොරොත්තුවලට පයින් ගැහුවා. පළමුවෙනි අයවැයෙන්ම ජනතා සහන කපන, රටේ සම්පත් අලෙවි කරන, ජාවාරම්කාරයින් සනසන ගමනක් යන්න සූදානම් බව පෙන්නුවා.” අනුර දිසානායක පැවසීය.
”මේ තරම් කෙටි කාලෙකින් මිනිස්සුන්ට එපාවුණ තවත් ආණ්ඩුවක් නැතුව ඇති.” හඳුන්නෙත්ති කීවේය.
”රාජපක්ෂ ආණ්ඩුව පෙරළා මේ ආණ්ඩුව පත්වෙන්නෙම ජනතාවගෙ බලාපොරොත්තු එක්ක. ජනවරමට පිටුපාලා ලබන ජනවාරියට අවුරුද්දක් වෙනවා.” විජිත හේරත් කීය.
”අපි මේ වෙනුවෙන් නුගේගොඩදි ජනතා රැලියක් තියලා ජනතාව දැනුවත් කරමු. ඒකට බහුජන සංවිධාන, කලාකරුවො සම්බන්ධ කරගනිමු.” ටිල්වින් සිල්වා යෝජනා කළෙන් එම රැලිය සංවිධානය කිරීමේ වගකීම ප්රචාරක ලේකම් විජිත හේරත්ට පැවරිණි.