Back to Top

බැසිල්ගේ පළාත් පාලන ගේම හෙළිවෙයි

December 18, 2015  



ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් තමන් පසුගිය 10දා ජවිපෙ නියෝජනය කරමින් පළාත් පාලන අභියාචනා කමිටුවට සහභාගි වීම පිළිබඳව අදහස් පළ කළේය. ”70%ක් කොට්ඨාස, 30%ක් සමානුපාතික මිශ‍්‍රණයක් හදනව කිවුවට එහෙම එකක් වෙලා නැහැ. මේ අඩුපාඩු පෙන්නලා දුන්නම කලින් ඇමති කිවුවා අඩුපාඩු හදනවා කියලා. එත් මොනවත් වෙනස් කරන්නෙ නැතුව සීමා නීර්ණ කොමිසමක් දැම්ම. දැන් ඒවාට කොට්ඨාස වෙන් කරලා. කලින් අඩුපාඩු හදන්නෙ නැතුව වැරදි මත පදනම් වෙලා තව ලොකු වැරැද්දක් කරන්න යනවා.” ටිල්වින් සිල්වා කීය.

”මේ අඩුපාඩුකම් එක්ක මැතිවරණයක් තිබ්බොත් බිමේ ලොකු සමාජ ප‍්‍රශ්න ගණනාවක් මතු වෙන එක නවත්තන්න බැහැ. අනාගතයේදී අලූත් ප‍්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න රටට සිද්ධ වේවි. මේ ගැන කියලා මම කරුණු 09ක ලිපියක් අභියාචනා කමිටුවේ සභාපතිට භාර දුන්නා. අනිත් අභියාචනා කමිටුවෙදි හෙළිවුණු විදිහට බැසිල්ලා පුදුම ගේමක් ගහන්න ගිහින් තියෙන්නෙ. දිනන පක්ෂෙට ඔක්කොම හෝදලා ගන්න ක‍්‍රමයක් හදලා.” විජිත හේරත් පැවසීය.



MOST VIEWED VIDEO STORIES

MORE >>