ඒක බොරු මාධ්‍ය සංදර්ශනයක් විතරයි
December 18, 2015
පසුගිය 11වැනිදා පෙරවරුවේ බත්තරමුල්ල හෝටලයක පැවති පළාත් පාලන මැතිවරණ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳවද විජිත හේරත් අදහස් දැක්වීය.
”ඒක බොරු මාධ්‍ය සංදර්ශනයක් විතරයි. ආණ්ඩුව තමන් හැමෝගෙම අදහස් ගන්නවා වගේ පෙන්නන්න හදනවා.”
බාග සටන් නැහැ. අපේ සටන ඉදිරියටම - ලාල්කාන්ත
පසුගිය 15දා වෘත්තීය සමිති කිහිපයක් විසින් කැඳවා තිබූ සංකේත වැඩවර්ජනය පිළිබඳව අදහස් දැක්වූයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්තය.
”කට්ටියක් වැඩවර්ජනය කරනවා කියලා සද්දෙට කියලා සද්දෙටම ඇකිළුවා. වැඬේ ඇකිළුවෙ සීනි බෝල පොරොන්දුවලට. ආණ්ඩුව කම්කරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත්තු පැය 08 වැඩ දිනෙත් නැති කරන්න හදන්නෙ. අපේ සටන දිගටම කරගෙන යනවා. අපි ගාව බාග සටන් නැහැ.”