Back to Top

2015.11.30

November 30, 2015  

මේෂ

තදබල ලෙස කෝපයට පත්වෙන ස්වභාවයක් ඇති නිසා ආවේගකාරී බව හැකිතරම් දුරට පාලනය කර ගන්නේ නම් සුබදායකය. නැතහොත් කරදර විපත්වලට මුහුණදීමට සිදුවේ.

ජය අංකය -06

 

වෘෂභ 

කලාත්මක අංශයේ රැකියාවල නිරත වූවන්ට ඉතාමත් සුබදායක දවසකි. විශේෂයෙන්ම සාහිත්‍ය, කලාව, චිත්‍ර ශිල්පය වැනි කටයුතුවල නිරත වූවන්ට මහජන ප්‍රසාදය ලැබේ.

ජය අංකය-07

 

මිථුන  

උසස් අධ්‍යාපන කටයුතුවල නිරත  වූවන්ට තම කටයුතුවල ප්‍රගතියක් ලබාගත හැකිය. එමෙන්ම විදේශීය ශිෂ්‍යත්වය ලබා ගැනීමේ වාසනාවක් ද  හිමිවීමට පුළුවන.

ජය අංකය-09

 

කටක  

සෙම මුල්කර ගත් රෝගාබාධයන්ට මුහුණදීමට සිදුවන අතර පවුලේ වැඩ කටයුතු වලින් වෙහෙසට පත්වීමට ඉඩ ඇත්තේය.

ජය අංකය-05

 

සිංහ 

ඒ ඒ ප්‍රශ්න වලදී ගන්නා එඩිතර තීරණ නිසාවෙන් ඇසුරු කරන අයගේ හොඳ හිත දිනා ගැනීමට හැකිවේ. වාද විවාද වලින් ඈත් වන්න.

ජය අංකය-04

 

කන්යා 

ආදායම් මාර්ගවල කිසියම් පසුබෑමක් දක්නට ලැබේ. එහෙත් එම තත්ත්වය ඉක්මණින්ම පහව යන බව කිව හැකිය. නව ආදායම් මාර්ග කෙරේ සිත යොමුවේ.

ජය අංකය-04

තුලා  

ඇසුරු කරන හිත මිතුරන්ගේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවීමෙන් අනවශ්‍ය කරදර බාධක වලට මුහුණදීමට සිදුවේ. ප්‍රවේශම් වන්න.

ජය අංකය-02

 

වෘෂ්චික  

හදිසි ධන ලාබ හෝ පිය පාර්ශවයේ දේපළ උරුම හිමිකම් ලැබීමට ද ඉඩ ඇත්තේය. ආදායම් මාර්ග සරුවන අතර අනවශ්‍ය වියදම් වලට හිත යෙදීමට ඉඩ ඇත.

ජය අංකය-01

 

ධනු  

යහළු මිත්‍රයන් නිසා අනවශ්‍ය කටයුතුවලට මුල්වී ඇසුරු කරන අය හා මතබේද ඇතිවීමට ඉඩ ඇත. වාද විවාදවලින් ඈත්වූ තරමට සුබදායකය.

ජය අංකය-08

 

මකර  

අනවශ්‍ය ගමන් බිමන් මෙන්ම කලබලකාරී බව නිසාම පවුලේ සමගිය පළුදුවීමට ඉඩ ඇත්තේය. කලාත්මක කටයුතුවල නිරත විශේෂයෙන්ම ලේඛන කලාවේ නිරත වූවන්ට සුබදායක වේ.

ජය අංකය-03

  

කුම්භ  

නව නිවෙසක් ලබා ගැනීමට හෝ වසාය කරන නිවස අලුත්වැඩියා කිරීම්වලට මුල්වේ. ගුරු වෘත්තියේ යෙදෙන අයට තම සිතුම් පැතුම් අත්කර ගැනීමට හැකිවේ.

ජය අංකය-03

 

මීන  

අධ්‍යාපන කටයුතුවල බලාපොරොත්තු නොවූ ආකාරයේ කරදර වලට මුහුණපෑමට සිදුවීමට ඉඩ ඇත. එහෙත් සවස් කාලයේදී යහපතක්ම වන්නේය.

ජය අංකය-01

 


 

ජ්යොතිෂ හා වාස්තු විද්යාවේදී

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>