Back to Top

ජනාධිපතිවරයා සංශෝධනය වෙලාවේ සෘජුව හිටියේ නැහැ

November 19, 2015  




විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙනඑන ලද කෙටුම්පත පිළිබඳවද ජවිපෙ නායකයින් අතර කතාබහට ලක්විය. ”මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයගේ ප‍්‍රධානතම මැතිවරණ පොරොන්දුව වෙලා තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 19වෙනි සංශෝධනය වෙලාවේ මේ ගැන සෘජුව හිටියේ නැහැ.” විජිත හේරත් කීවේය.

”ඔව්, මෛත‍්‍රීපාල මහත්තයා ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා දින 100 වැඩපිළිවෙළ යටතේ කරන්න තිබුණ වැඩක් මේක. අපේ‍්‍රල් 20වෙනිදා තමයි මේ කෙටුම්පත් ගේන්න නියමිත වෙලා තිබුණේ. ඒ ජනතාවට දුන්නු පොරොන්දුව හරියට ඉෂ්ඨ කළේ නැහැ. දැනටත් ප‍්‍රමාද වෙලා තමයි යෝජනාව එන්නේ.” ටිල්වින් සිල්වා කීවේය.

”කෙටුම්පත කැබිනට් එකට දාලා ප‍්‍රමාද කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න බලපෑම් කරන්න  ඕනෑ. ඒ විතරක් නෙවෙයි මේ කෙටුම්පත් ගේන්නේ ඡන්ද ක‍්‍රමයත් එක්ක. ඒක කාරණා දෙකක්. ඒ ගැන විශේෂයෙන් අධ්‍යයනයක් කරන්න  ඕනෑ” අනුර දිසානායක කීවේය.

 


MOST VIEWED VIDEO STORIES

MORE >>