Back to Top

සර්ව පාක්ෂික සමුළුව ප‍්‍රචාරක වැඩක් වෙයිද?

November 19, 2015  



ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා‍ කිරීමට ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවක් යෝජනා කළේය. ඒ සඳහා ජවිපෙ සහභාගිවීමට තීරණය කළ අතර පළමු සාකච්ඡාවට ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගි විය. දෙවන සාකච්ඡාව සඳහා ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගි විය.

ඒ අතර ජවිපෙ ස්ථාවරයත් යෝජනා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා කිහිපකුත් ඇතුළත් ලියවිල්ලක් ජනාධිපතිවරයාට බාරදුන්නේය. සාකච්ඡාවට සහභාගිවීම සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අතර ඇතිවූ සංවාදයකදී ජවිපෙ අදහස වී තිබුණේ මෙම සාකච්ඡාවත් මාධ්‍ය සංදර්ශනයක් පමණක් විය හැකි බවයි.

 ”ජනාධිපතිවරයා අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා කිව්වට මේ වනවිටත් ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරලා නීති කෙටුම්පත් අංශයට යවලා.” විජිත හේරත් කීවේය. ”ජනාධිපතිවරයා කියන්නේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා කියලා. නමුත් නීතිවේදීන් පෙන්වා දෙන්නේ තියෙන ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර විනිසුරුවරුන් සම්බන්ධ කර ගැනීමට හැකියාව තියෙනවා කියලා. ඒ නිසා කි‍්‍රයාත්මකවීමේදී ජනාධිපතිවරයා දේශීය පරීක්ෂණයට එහා ගියපු ජාත්‍යන්තර විනිසුරන් යොදාගත් පරීක්ෂණයක් කරයිද කියලා සැකයක් තියෙනවා.” ටිල්වින් සිල්වා කීවේය.

”ජනාධිපතිවරයා මොනවා කිව්වත්, පක්ෂ සමග සාකච්ඡා කළත් සර්ව පාක්ෂික සමුළුව මාධ්‍ය සංදර්ශනයක් පමණක් වෙන්න පුළුවන් ඉඩ වැඩියි.” ලාල්කාන්ත කීවේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>