Back to Top

ඉසුර උඹ කිව්වද ගුරුවරියන්ට නාභිය පේන්න අඳින්න එපා කියලා

November 16, 2015  




බන්දුල ගුණවර්ධන සහ ඇමති එස්. බී දිසානායක පසුගිය බදාදා රාත්‍රියේ උසස් අධ්‍යාපන හා මහාමාර්. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිවසට ගියා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ හමුවකට සහභාගී වීම සඳහායි.

මෙම හමුවට ආපු එක් මහාචාර්යවරයෙක් බස්නාහිරත් මහඇමති ඉසුර දේවප්‍රිය නිකුත් කළ චක්‍රලේඛයක් ගැන අනාවරණ කළා.

“මහ ඇමතිතුමා අපූරු චක්‍රලේඛයක් නිකුත් කරලා පාසල් ගුරුවරියන්ට නාභිය පේන්න අඳින්න එපා කියලා”

මේ කතාවට හොඳටම හිනාගිය ඇමති එස්. බී වහාම බස්නාහිර මහඇමතිට දුරකථනයෙන් කතා කළා.

“ඉසුර, උඹ කිව්වද ගුරුවරියන්ට නාභිය පේන්න අඳින්න එපා කියලා.”

“ඔව් සර්..”

මෙතන මම ආචාර්යවරු, මහාචාර්යවරු පිරිසක් එක්ක ඉන්නේ. ඒ අය අහනවා අධ්‍යාපනයේ තියෙන ලොකු ප්‍රශ්නය මේකද කියලා,

ඇමතිතුමණි. මේකත් ලොකු ප්‍රශ්නයක් වෙලා,

ඉසුරුගේ උත්තරයට හැමෝටම හිනාගියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>