Back to Top

රනිල්, සේනාධිපති හමුවෙලාද?

October 26, 2015  




පාර්ලිමේන්තු සතියේ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක් ගැන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිස අතරේ කතාබහක් ඇති වූයේ පාර්ලිමේන්තුවේදීය. ”අඟහරුවාදා පාර්ලිමේන්තුවට ආපු නිමල් සිරිපාල ඇමතිතුමා විපක්ෂයේ පැත්තේ දොරටුව ළඟට ආවා. ඇවිත් කතා කළේ දිනේෂ් ගුණවර්ධනට. ඊට පස්සේ සෑහෙන වෙලාවක් සාකච්ඡාවක හිටියා විපක්ෂයේ ලොබියේදී” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ”තව ටික දවසක් යනකොට සාකච්ඡා කළේ කියලා එළියට එන්නත් පුළුවන්” සුනිල් හඳුන්නෙත්ති කීවේය.


”තව කතාබහක් තියෙනවා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිංගප්පූරුවේ ගිය දවසේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිත් සිංගප්පූරුවේ ගියා කියලා. අගමැතිවරයාගේ ලේකම් සුගත් චන්ද්‍රසේකරත් මැලේසියාවේ ඉඳලා සිංගප්පූරුවට ඇවිත් තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.” විජිත හේරත් අලූත් ආරංචියක් ගැන කීවේය. ”නිශ්ශංක සේනාධිපති, අගමැතිවරයා සිංගප්පූරුවේ ඉන්න වෙලාවෙම එහෙ ගියේ රහස් හමුවීමකටද කියලා සැකයි” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“ඇවන්ගාඩ් ගනුදෙනුව ගැන ඇත්ත තත්ත්වය යටගහන්න තමයි ආණ්ඩුවත් උත්සහ කරන්නේ. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ඉල්ලන්න  ඕනෑ. මේ ගැන දවසක විවාදයක් ඉල්ලන්න  ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>