Back to Top

අතීත වේදනාවෙන් අරගල මාවත තෝරාගත් ශාන්තදේවිය

October 20, 2015  


ඉන්දීය රාජස්ථාන් ප්‍රාන්තයේ දුෂ්කර ගම්මානයක පදිංචිකාරියක වන ශාන්තදේවි මෙග්වල් ‍20 හැවිරිදි සරසවි සිසුවියකි. මේවන විට ඇය ස්වකීය ග්‍රාමයේ වැඩිහිටි කවුන්සිලයෙන් බ්‍රහ්ම දණ්ඩනයට ලක්ව සිටියි. තර්ජනයට, අඬතෙට්ටම්වලට නිරන්තරයෙන් ලක්වෙමින් සිටියි. වයසින් බාල වන නමුදු යෞවනියන්ගේ කණ්ඩායමක් සමග බාලවයස්කාර විවාහයන්ට එරෙහිව ඇය ශක්තිමත්ව නැඟී සිටිමින් සිටියි. රාජස්ථාන් යනු ඉන්දියාවේ වැඩිම බාලවයස්කාර විවාහයන් සිදුවන කාන්තාරීකරණය වූ ප්‍රාන්තයයි.

                                                    ‍මෙග්වල් වයස අවුරුදු 9 ක් වන පිරිමි දරුවෙකුට විවාහ කරදෙන විට ඇයගේ වයස මාස 11 ක් පමණක් බව කියැවෙයි. ඇය තමාට වයස අවුරුදු 16 ක් වූ තන්හි විවාහ‍යෙන් ආපසු හැරීමට බලකරන සිදුවීම සියැසින් දැකබලා ගැනීමට හැකිවිය.

"මගේ යාළුවෙක් දුවගෙන ඇවිත් කීවා බලන්න අර ඔයාගේ ස්වාමි පුරුෂයා කරන දේ කියලා"  ඔවුන්ගේ  පාසලෙන් එහා පස ඔහු හොඳටම බීමතින් සිටියේය. මෙම සිද්ධියෙන් හොඳටම සිත් බිඳුණු ඇය වහාම තම මව්පියන් සොයාගෙන පැමිණියාය.

"මම ඔවුන්ගෙන් ඇහුවේ ඇයි මම අරවගේ මනුස්සයෙකුට කසාද බැන්දුවේ කියලයි. මම හරිම අසරණ වෙලයි හිටියේ. කළ යුත්තේ මොනවාදැයි මම දැනගෙන හිටියේ නෑ. ඒ වෙද්දිත් මගේ වයස කීයද?" ජොදපූර් විශ්වවිද්‍යාලයේ බංකුවක් මත හිඳගෙන ඇය ස්වකීය අතීතය සිහිපත් කරයි. ඇය එම විශ්වවිද්‍යාලයේ අවසන් වසර කලා උපාධිය සම්පූර්ණ කරමින් සිටියි.

නීතියෙන් තහනම් වුවද ඉන්දියාවේ මිලියන ගණනින් බාලවයස්කාර විවාහයන් සිදුවේ. බොහෝ දිළිදු හා දුෂ්කර ප්‍රදේශවල සම්ප්‍රදායක් ලෙස මෙවන් විවාහයන් සිදුකරන අතර මේවන විට වයස අවුරුදු 20-24 සිටින විවාහක ස්ත්‍රීන්ගෙන් 50% ක් පමණ තමන් විවාහ වූයේ වයස අවුරුදු 18 ට අඩු කාලයකදී බැව් අනාවරණය වන බව රජයේ සංඛ්‍යා දත්ත මගින් තහවුරු වී තිබේ. රජස්ථාන්හි චාරිත්‍ර වාරිත්‍ර දැඩිව ක්‍රියාත්මක වන සන්සන්දනාත්මකව බලන විට සම කුල ජනගහණය අධික ප්‍රාන්තයකි. දේශපාලන වශයෙන් බලසම්පන්න සභාවන් ක්‍රියාත්මක වන සමාජ හා සදාචාරාත්මක නීති රීති දැඩිව ක්‍රියාත්මකය. එසේ වුවද කුඩා ගැටවර කණ්ඩායමක් මෙහි පවත්වාගෙන යන සම්ප්‍රදායික බාලවයස්කාර විවාහයන්ට එරෙහිව උඩුගංබලා පිහිනමින් සිටියි.ශාන්තදේවිය ද එහි ඉදිරියෙන්ම සිටියි. ස්වදේශික රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හා රජයේ සෝදිසි මෙහෙයුම්ද මේවන විට ඔවුන්ගේ සහයට ඉදිරිපත් වී සිටියි.

වයස අවුරුදු 16දී ඇය විවාහයට සමුදුන් පසු නැවතත් ඒ සඳහා පෙළඹවීමට දිස්ත්‍රීක් කවුන්සිලය කටයුතු කරමින් සිට ඇත. එහෙත් ඒ වන විටත් ඇය වයස අවුරුදු 3ක් තිස්සේ මෙම කවුන්සිලයට එරෙහිව අරගල කරමින් සිටියාය.  යළිදු බලහත්කාරයෙන්ම කවුන්සිලය හමුවට කැඳවනු ලැබිණි. ජොද්පූර් දිස්ත්‍රීක්ක කවුන්සිලය  විසින් දැනටමත් නොතකා හළ ආචාර ධර්ම සම්බන්ධයෙන් ඇයටත් ඇයගේ පවුලේ උදවියටත් දරුණු ප්‍රතිවිපාක කැඳවමින් තිබිණි. දිස්ත්‍රීක්ක කවුන්සිලය විසින් මිලියන 1.6ක මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙස ඇයගේ පියාට නියෝග කර තිබුණු අතර වෘත්තියෙන් පෙදරේරුවකු වන ඔහුට කෙසේවත් අ.ඩො 24,000 ක් වන එම මුදල ගෙවීමට හැකියාවක් නොමැතිවිය.

මෙග්විල් ඉකුත් මැයි මාසයේ ´සරති භාරකාර මණ්ඩලය´හා සම්බන්ධ විය. එය ඉන්දියාවේ බාලවයස්කාර විවාහයන්ට එරෙහිව ස්වේච්ඡාවෙන් ක්‍රියා කරන එකම සංවිධානනයි. පරාජය වීම දැන දැනම බාලවයස්කාර විවාහයකට එරෙහිව  ගොනුකරන ලද නඩුවකින් ප්‍රථම වරට වසර 3ට ඉහතදී ජයග්‍රහණය කිරීමට සංවිධානයට හැකිවිය. සරති භාරකාර මණ්ඩලයේ ප්‍රධානි ක්‍රිති භාරතී මෙසේ පවසයි.

"බාලවයස්කාර විවාහයන් හරියට මහා අඳුරු කාමරයක්. අපි පුංචි නීතියක බලාපොරොත්තුවේ රශ්මිය සොයාගත්තා."
ඔහු මෙසේ පවසන්නේ ඇයගේ ඩෙස්කුවේ මෙහා පස සිට ඇය විසින් කරන ලද සේවයට සම්මානයක් හා සහතික පත්‍රයක් ප්‍රදානය කරමිනි.


මෙම භාරකාර මණ්ඩලය විසින් බාලවයස්කාර විවාහයන් 27 ක් අවලංගු කිරීමට මේවන විට සහය දක්වා ඇති අතර දික්කසාදවීමට වඩා එසේ කිරීම වඩා සුදුසු බව ඔවුන්ගේ හැඟීමයි. ස්ත්‍රීන්ට දික්කසාදයෙන් සිදුවිය හැකි අපකීර්තිය හා කැළල වැළැක්වීම සඳහා විවාහයට ප්‍රථම වයස නිසි ලෙස තහවුරු කිරීම දෙපාර්ශවය විසින්ම කළයුතු වීම ට එකඟවීම වඩා සුදුසු බැවින් ඒ සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමට ඔවුන්ට මේවන විට හැකිවී තිබේ.

යුන්සෙෆ්හි ඉන්දියාවේ ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රධානි ජොසිම් තීස් පෙන්වාදෙන්නේ බාල වයස්කාර විවාහයන් සමග වර්ධනය වන අති විශාල ජනගහණයත් සමග මුහුණදීමට සිදුවන ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවක් හා අභියෝගයක් පවත්නා බවයි.

නීති රීති හා දිරිගැන්වීම් කෙසේ වුවද ඉන්දියාවේ මව්පියන් බොහෝමයක් ක්‍රියා කරනුයේ ඔවුන්ගේම නීති රීති හා සම්ප්‍රදායන්ට අදාළවය. විශේෂයෙන්ම දැරියන්‍ බාල වයස්කාරියන් ලෙසම විවාහ ජීවිතයකට ඇතුළත් කිරීමෙන් ආර්ථික වශයෙන් තමාට නිදහස්වීමට ඇති හැකියාව ප්‍රමුඛ කොට සලකයි. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම මගහැරවීමද දැරියන් කුඩා කලදීම විවාහ කරවීමට බලකරන තවත් එක් හේතුවකි. සමාජීය වශයෙන් එලෙස ලිංගික සබඳතා පැවැත්වීමට තහංචිය. අනෙක් අතට විවාහ නොවුණු දැරියන් ලිංගික අපහරණයට ලක්වීමේ අවදානමක් හා ප්‍රවණතාවක් පවතින බවටද බොහෝ මව්පියන් විශ්වාස කරති. එසේ වුවද ඊට පිළියම් ලෙස යෝජිත විවාහය , විශේෂයෙන්ම දැරියන්ට ඊට වඩා විනාශකාරී බැව් ඔවුන් නොදනී.

මෙග්වල් තම උපාධියෙන් පසුව ගුරු වෘත්තියට ඇතුළත් වීමට බලාපොරොත්තු තබා හිඳියි. බාලවයස්කාර විවාහයන්ට එරෙහිව තමන් ජීවිතය වෙනස් කරගනු ලැබුවේ යම් සේක්ද ඒ ආකාරයෙන්ම තම ප්‍රජාව වෙනස් කරලීමට මැදිහත්වීම ඇයගේ අභිප්‍රායයි.

"මම අනාගතයේ දවසක නැවත විවාහ ජීවිතයට ඇතුළත්වේවි. ඒත් ඒ මගේ අධ්‍යාපන කටයුතු නිමා කොට මගේම දෙපයින් නැඟී සිටින්නට හැකිවූ පසුවයි" ඇය දෑසේ කඳුළු පුරවාගෙන කියා සිටියි.



Ap-පුවත් ඇසුරිණි.


MOST VIEWED VIDEO STORIES

MORE >>