ටෙක්සාස්හි අර්වින් දිස්ත්‍රීක්කයේ නිදහස් පාසලක ඉගෙනු ලැබූ 14 වියැති
දරුවෙකු පිළිබඳ ඉකුත් සතියේ ලෝකයේම අවධානයට ලක්විය. ඒ හෙතෙම විද්‍යුත්
ඔර්ලෝසුවක් සාදාගෙන පංතියට රැගෙන පැමිණීමත්, පාසලේ බලධාරීන් එය වරදවා
තේරුම් ගැනීමත් නිසාය.
ඉංජිනේරු
ව්‍යාපෘතියක ලැබුණු පැවරුමට අනුව මෙම දරුවා තමා විසින් නිර්මාණය කළ
ඔර්ලෝසුව රැගෙන පාසලට පැමිණියත් මුහුණදෙන්නට සිදුවූයේ අනපේක්ෂිත
අවස්ථාවකටය. හදිසියේම දරුවා පොලිස් අත්අඩංගුවට පත්වෙයි. බෝම්බයක් සෑදීමට
උත්සාහ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් ඔහු නමින් අහමඩ් මොහොමඩ්ය. ඔහු හැඳ
සිටි නාසා ටී-ෂර්ට්ය ඔහුගේ නව සොයාගැනීම් කෙරෙහි වන ආශාව පිළිඹිබු කරන
බැව් කියැවෙයි.
කෙසේ නමුත් මෙම සිසුවාගේ ඉංජිනේරු විෂය භාර
ගුරුතුමිය දරුවාගේ හැකියාව අගය කරමින් මෙම නව නිර්මාණයට ස්වකීය සතුට පළකර
තිබිණි. දරුවාගේ නිර්මාණය බෝම්බයක් ලෙස වරදවා වටහා ගත් පාසලේ බලධාරීන්
විසින් පොලීසියට දැනුම්දීම නිසා මෙම දරුවා අත්අඩංගුවට පත්විය. ගුරුතුමිය
ප්‍රකාශ කරන්නේ එය දැඩි අත්වැරදීමක් බවයි. කෙසේ නමුත් ගුරුතුමිය ඇතුළු
පාසලේ බලධාරීන් සිදුවූ වරදට මෙම දරුවාගෙන් සමාව ඉල්ලා තිබේ. ත්රස්තවාදීන්
පිළිබඳ අමෙරිකානුවන් දරන ආකල්පය මුස්ලිම් ජාතීන් වෙනස් කොට සැලකීමේ විභවය
මෙමගින් තහවුරු වී තිබේ. දරුවාට පාසල දින 3ක් නිවාඩු ලබාදී ඇති අතර ඒ
පිළිබඳ මව්පියන්ට දැනුවත් කර ලිපියක්ද යවා තිබිණි.
පාසලේ
අංශාධිපතිගේ අත්සනින් යුතුව දරුවාගේ මව්පියන්ට ලිපියක් යොමුකරමින් පාසලේ
දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බැවින් සැක කටයුතු
උපකරණය ගෙන ඒමට දරුවන්ට ඉඩනොදෙන ලෙස වගබලාගන්නැයි ඉල්ලීම් කර ඇත.
එහෙත් මේවන විට ටෙක්සාස් පොලීසිය විසින් මෙම සිසුවාට එරෙහිව නඟා තිබුණු චෝදනා ඉවත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
"මගේ ගුරුතුමිය මගේ ඔර්ලෝසුව ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකීම ඇත්තටම මට වේදනාවක් වුණා..
මං
ඔර්ලෝසුවක් හැදුවේ මගේ ගුරුතුමීව සතුටු කරන්නයි. ඇය එය තර්ජනයක් ලෙස
සැලකීම මට හිතාගන්නත් බැරිවුණා. එය වරදවා තේරුම් ගැනීම ගැන මට ගොඩක් දුක
හිතුණා"
එදින සවස පැවති මාධ්‍ය හමුවකදී ඔහු තම පාසල මාරු කරන බව ද සඳහන් කළේය.
සුඩාන
සම්භවයක් ඇති දරුවාගේ පියා වන මොහොමඩ් අල්හසාන් මොහොමඩ් කියා සිටියේ තම
දරුවා නිවසේ සියලු දේවල් නැවත සාදන බවයි. තම පරිගණකය ,ජංගම දුරකථනය පවා
ගළවා යළි සවි කරන බව පියා කියා සිටියේය.
"ඔහු ඇත්තටම හරි දැකුම්කළුයි. දීප්තිමත් දරුවෙක්.ඔහු කියන්නේ ඔහුට ඕනවුණේ ලෝකයටම ඔහුව පෙන්නන්න බවයි"
මුස්ලිම්
වාර්ගික නමක් සහිත බැවින් මෙම සිසුවා පොලීසිය විසින් රඳවාගෙන සිටි බවට
පවුලේ උදවිය නඟන චෝදනා පොලීසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
"අපට
මුස්ලිම් ප්රජාවත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. මෙම සිදුවීම මේ මොහොතේ
ඇතිවූ අභියෝගයක් පමණයි. මෙම අවස්ථාව වඩා සාධනීය ලෙස බාරගැනීමට අප උගත
යුතුයි" දිස්ත්‍රීක් පොලිස් ප්‍රධානි ලැරී බෝය්ඩ් ප්‍රකාශ කරයි.
කෙසේ
වෙතත් අත්අඩංගුවට ගනු ලැබූ දරුවා නිදහස් කරනු ලැබුවේ මාංචු දමා, ඇඟිලි
සලකුණු ලබාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව තර්ජනයක් නොවන බව තහවුරු
වීමෙන් පසුව බැව් පවුලේ උදවිය පෙන්වාදෙයි.
නාසා ආයතනයේ විද්‍යාඥයෙකු
මෙන්ම ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෙන්ම අමෙරිකානු ජනාධිපති බැරක්
ඔබාමා ද මෙම දරුවාට සුභපතමින් තමා හමුවන ලෙස ආරාධනා කර තිබුණි.
"අහමද්,ඔබ
ඒ ඔර්ලෝසුව ධවල මන්දිරයට දීමට කැමතිද?විද්‍යාවට කැමති ඔබ වැනි දරුවන් අප
සිත් පුබුදනවනවා. ඒක අමෙරිකාව වඩා ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට හයියක්" ඔබාමා
පවසා තිබේ.
"ඔබව ෆේස්බුක් වෙත පැමිණෙන්නේනම් ඉතා ආදරයෙන් ඔබ හමුවීමට මං මග බලා සිටිනවා"සකර්බර්ග් පවසා සිටියි.
කෙසේ
නමුත් සිදුවූ අත්වරැදීමක් මෙම දරුවා ලෝකයේ බොහෝ ඉහළට ඔසවා තබා ඇති බව නම්
සත්‍යයකි. මේවන විටත් ඔහුට මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් මිලියන ගණනක වටිනාකමින්
යුතු ඔවුන්ගේ නවීනතම පරිගණක ආශ්රිත නිෂ්පාදනයන් ත්‍යාග ලෙස යවා තිබේ.
http://news.yahoo.com ඇසුරිණි.