මම ඒ දෙන්නට දැඩිව අවවාද කළා
September 18, 2015
පසුගිය කැබිනට් රැස්වීම ආරම්භයේදී යහපාලන ආණ්ඩුව විවේචනය කළ එස්.එම් මරික්කාර් සහ බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්රී අරංගල යන මහත්වරු ගැන කතාබහක් ඇතිවුණා. ඔවුන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමාර්ග අගමැති රනිල් වික්රමසිංහ මහතා පැහැදිලි කළා.
‘‘මම ඒ දෙන්නට දැඩිව අවවාද කළා. ඒ වගේම අපි ඒ දෙන්නා සම්බන්ධයෙන් ක්රියාමාර්ගයක් ගන්නවා.“
අගමැතිවරයාගේ පැහැදිලි කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ද ඒ ගැන කතා කළා.
‘‘එක්සත් ජාතික පක්ෂයට හොඳම ඇමතිකම් දීලා කියලා ශ්රී ලංකා එකේ අය විවේචනය කරනවා. ශ්රී ලංකා එකේ අයට හොඳම ඇමතිකම් දීලා කියලා යූ එන් පී එකේ අය විවේචනය කරනවා. කරුණාකරලා මේ විදිහට විවේචනය කරන එක නවත්තන්න. නැත්නම් දැඩි තීරණ ගන්න වෙනවා.“
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකම ස්ථාවරයක් ගැනීම කැබිනට් මණ්ඩලයේ ඇගයීමට ලක්වුණා.