Back to Top

හැබැයි අපේ ඇමතිවරුන්ව විවේචනය කරන්න එපා

September 18, 2015  



පසුගියදා විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාව හමුවුණා.

මුලින්ම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන් ගැනීමට හැකිද යන්න විමසා සිටියා.

 “සර් අපි විපක්ෂයේ ඉඳගන්න තීරණය කළා. අපේ කාර්යභාරය කෙසේ වියයුතුද ?“

 “වෙනදා වගේම විපක්ෂයේ කාර්යභාරය කරන්න හැබැයි අපේ ඇමතිවරුන්ව විවේචනය කරන්න එපා. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවානම් ඒ ගැන කතා කරන්න.“

 “එතකොට සර් විපක්ෂයේ ඉන්න ගමන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිකම් කරන්න පුළුවන්ද ?“ කියලා මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඇහුවා.

 “ආණ්ඩුවේ ඉන්නවා නම් විතරයි ඒක කරන්න පුළුවන්. විපක්ෂයේ ඉඳන් ඒක කරන්න බෑ.“

 “එතකොට සර් දෙමළ සන්ධානය විපක්ෂයේ ඉඳන් ඔවුන්ගේ ප්‍රදේශවල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිකම් කරනවනේ“

 “ඒක විශේෂ තත්ත්වයක්. අනිත් ප්‍රදේශත් සමග ගලපන්න එපා. මම ඔයාලාගෙන් ඉල්ලන්නේ පක්ෂය කැඩෙන විදිහට වැඩ කරන්න එපා කියලා.“

ජනාධිපතිවරයා එසේ කියද්දී ප්‍රසන්න රණතුංග මහතා නැගිට්ටා.

 “සර් අපි කවදාවත් පක්ෂය කඩාගෙන ගියේ නෑ. අපි පක්ෂ නායකයත් එක්ක හිටියේ නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ අපිට ඡන්දෙ දෙන්නෑ කියන තැනට ඇවිත්. සංවිධායකයින් කලකිරිලා ඉන්නේ“

 “මම ඒක දන්නවා. අපි සංවිධායකයින් හමුවෙලා මේ ගැන කතා කරමු“

ජනාධිපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ විදිහට සුහද කතාබහක නිරත වුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>