Back to Top

දෙපැත්ත එකතු වෙන්න යන නිසා දුක තවත් වැඩිවෙලා

August 28, 2015  


පසුගිය 17වෙනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ වැඩපිළිවෙළට කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පරිසරවේදීන්, නීතිඥයින් වෛද්‍ය වෘතිකයින් ඇතුළු වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති ව්‍යාපාරය, සමාජජාල කි‍්‍රයාකරුවන් ඇතුළු විශාල පිරිසක් තම සහාය පළකළහ. මැතිවරණයෙන් අනතුරුව එම පිරිස් හමුවී ස්තූතිය පළකිරීමට ජවිපෙ තීරණය කළේය. ඒ අනුව ජවිපෙ නායක අනුර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපය තුළ ඔවුන් හමුවීමට දින සහ වේලාවන් යොදා ගත්තේය. ඒ අනුව ජවිපෙ නායකයා සමාජජාල කි‍්‍රයාකරුවන් සහ වෘත්තීයවේදීන් පිරිසක් පසුගියදා හමුවූයේ පැලවත්තේ පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදීය. එහිදී පළමුව මැතිවරණ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ජවිපෙ නායකයා පැහැදිලි කිරීමක් කළේය.

”මැතිවරණ ප‍්‍රතිඵලය කුමක් වුණත් තවමත් ජනතාවගේ ප‍්‍රසාදයක් ජවිපෙට තියෙනවා. සමහරු දුක්වෙනවා ජවිපෙට ආසන අඩුවීම ගැන. දැන් දෙපැත්ත එකතු වෙන්න යන නිසාම ඒ දුක තවත් වැඩිවෙලා.” අනුර දිසානායක හමුවූ බොහෝ දෙනාගේ අදහස විය.

”අපි ඉදිරියටත් ජවිපෙ සමග මීට වඩා වැඩ කොටසක් කරන්න කැමතියි. ඒකට අපිට මේ ප‍්‍රතිඵලය අදාළ නැහැ” බොහෝ දෙනා ඉදිරි වැඩපිළිවෙළට ඉදිරියටද දායක වන බවට පොරොන්දු වූහ. ඉදිරි දින කිහිපය තුළ ජවිපෙට සහාය දුන් තවත් පිරිස් හමුවීමට නියමිතය.

මේ අතර පසුගිය අඟහරුවාදා දිනයේ ජවිපෙ දේශපාලන මණ්ඩලය රැස්විය. එම රැස්වීම පැවැත්වුණේ පැලවත්තේ පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදීය.

”දැන් ජාතික ලැයිස්තුවේන් පරාජයට පත්වුණ අය දැම්මා කියලා ලොකු කතාබහක් ඇතිවෙලා. ඇත්තටම ගත්තොත් අපේ හඳුන්නෙත්ති සහෝදරයා ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කිරීමත් සමහරුන්ට වැරැද්දක් වගේ පේන්න පටන් අරන්. අපේ පක්ෂයේ කවුරුත් පෞද්ගලික මැතිවරණයක් කරලා මනාප ඉල්ලා පැරදුණේ නැහැ. පැරදුණු අය පුද්ගලිකව ඒකට වගකිව යුතු නැහැ. ඒ වගේම දිනපු අයත් පුද්ගලිකව දිනලා නැහැ. මේක පක්ෂයට ලැබුණ දෙයක්” ලාල්කාන්ත කියා සිටියේය.

”අනෙක් පක්ෂවල කට්ටිය පරාජය වුණේ මනාපවලින්. ඒ පක්ෂයට ආසන හතක් අටක් එනකොට ඒ අතරට මනාපවලින් එන්න බැරිවුණ අය. ඒ පැරදුණු අයයි අපේ අය පැරදුණු අයයි එක සමාන වෙන්නේ නැහැ.” විජිත හේරත් කියා සිටියේය.

හඳුන්නෙත්ති ගැන කතා කරන අය මායාදුන්නේ පත්කිරීම ගැන පොඩ්ඩක්වත් කතා කරන්නේ නැහැ. පක්ෂයේ නොවන කෙනෙකුට, කීර්තිමත් රාජ්‍ය සේවකයෙකුට අපි පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ලබාදුන්න එක ගැන ඔය පත්තරවල ලිපි ලියන අය, ජවිපෙ විවේචනය කරන අය ලියන්නේ නැත්තේ ඇයි කියලා තමයි ප‍්‍රශ්නේ. ඒ වගේ උගත් බුද්ධිමත් පිරිසකට ජාතික ලැයිස්තුවේ තැනක් දෙන්න අනෙක් එක පක්ෂයක්වත් කටයුතු කළේ නැහැ” ටිල්වින් සිල්වා කියා සිටියේය.

”අපි ජාතික ලැයිස්තුවට පරාජය වුණු අය දැම්මේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මහ ලොකුවට නිවුස් හැදුවට එජාපයේ ජාතික ලැයිස්තුවට දැම්මේ ඡන්දවලින් පැරදුණු අය. ජන්දේ ඉල්ලලා දිනන්න බැරි අය. තිලක් මාරපන සිරිනාල්ද මෙල් වගේ අය පසුගිය මැතිවරණවලින් පැරදිලා අවුරුදු පහක් සද්ද නැතිව හිටපු අය.” අනුර දිසානායක කීවේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>