Back to Top

දේශපාලනයෙදි පුතා පිටුපස යන තාත්තෙක්

July 31, 2015  



පසුගියදා ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් කන්තලේ නගරයේදී ජනරැලියක් පැවැත්විණි. මෙහිදී විශේෂ අමුත්තෙක් ජවිපෙ වේදිකාවට ගොඩ විය. ඒ ත‍්‍රිකුණාමල නගරයේ ප‍්‍රසිද්ධ රොහලක් වන සෙන්ට‍්‍රල් හොස්පිට්ල් ආයතනයේ හිමිකරු වෛද්‍ය හේමචන්ද්‍ර කුමාරසර්මාය. ඔහු ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අරුන් හේමචන්ද්‍රගේ පියාණන්ය. අරුන් හේමචන්ද්‍ර යනු සාම්පූර් ජනතාවගේ නිවාස ප‍්‍රශ්නය සහ බලාගරය නිසා ඇතිවී තිබෙන පරිසර හානිය පිළිබඳව සටන් කරන බහුජන ව්‍යාපාරයේ නායකයාය. ඔහු විධායක නිලධාරියෙකි. කුමාරසර්මා ජවිපෙ වේදිකාවේ කතාවක්ද කළේය.

මම පළමුව හොඳ ශ‍්‍රී ලාංකිකයෙක්. පසුව තමයි දමිළ ජාතිකයෙක් වෙන්නේ. ජාතිවාදයට එරෙහි ජවිපෙ වේදිකාවට මට නගින්න හිතුණා. කතාවක් තියෙනවා දේශපාලනයේදී තාත්තා පිටිපස්සේ පුතා යනවා කියලා. නමුත් මට ඒක වෙනස්. දේශපාලනයේදී මේ තාත්තා පුතා පස්සෙන් යනවා.
හේමචන්ද්‍ර කුමාරසර්මා කීවේය.

තරුණයන්ට 16දී ඡන්ද අයිතිය

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ වූ හෘදසාක්ෂියේ සම්මුතිය තුළ කාගේත් කතාබහට ලක්වූ එක් කරුණක් වූයේ වයස 16දී පුරවැසියන්ට ඡුන්ද අයිතිය ලබාදීමයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේත් රූපවාහිනී වැඩසටහන්වලදී වැඩිපුර කතාබහට ලක්වේ. අනෙකුත් පක්ෂ තරුණයින්ට කසාදෙන් පස්සේ මුදල් සහන දෙනවා, තරුණයින්ට රස්සා දශ ලක්ෂයක් දෙනවා කියමින් පොරොන්දු ලබාදෙන අතරේ මෙවැනි කරුණක් පිළිබඳව අවධානය යොමුවීම කාගේත් අවධානය ගැනීමට හේතුවී තිබේ. පසුගියදා මාධ්‍යවේදියෙක් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් මේ ප‍්‍රශ්නය විමසුවේ කාටත් එය කුතුහලයක් දනවන නිසාවෙනි.

දැන් ලෝක මට්ටමින් පිළිගන්නවා වැඩිහිටියා කියන්නේ 16න් ඉහළ අයට කියලා. දැන් ඉන්න අලූත් පරම්පරාව ලෝකය පිළිබඳ දැනුම අතින් අඩුයි කියන්න අපිට බැහැ. ඒ නිසා ඡුන්දය ලබාදෙන්න තරුණයින් වැඩිපිරිසකට අවස්ථාව දෙන්න අපි තීරණය කළා. අපේ රටේ පුරවැසියන් ඡන්දය ලබාදෙන්න ලියාපදිංචි වෙන්න  ඕනෑ. 16දී ලියාපදිංචි වුවත් තවත් වසරකට පස්සේ තමයි ඡුන්දය ලබාදෙන්න අවස්ථාව ලැබෙන්නේ. ටිල්වින් සිල්වා පැවසීය.

මේ අතර අලූත් පරපුර, අගෝස්තු 17 ව්‍යාපාරය වැනි සිවිල් සංවිධාන ගණනාවක් මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදිය යුතු බවට ප‍්‍රකාශ නිකුත් කර තිබේ. රටේ ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. එබැවින් කුමන ආණ්ඩුවක් පත්වුවත් ආණ්ඩුව පාලනය කිරීමේ හැකියාව තිබෙන්නේ ජවිපෙට බව ඔවුහු පවසති. මේ අතර සමාජජාල වෙබ් අඩවි තුළද ජවිපෙට සහාය පළකරමින් විවිධ සංවිධානවල වෙබ් පිටු අදහස් පළකරමින් තිබේ.


MOST VIEWED VIDEO STORIES

MORE >>