Back to Top

අපේ හාමුදුරුවනේ ආණ්ඩු කරවන ආණ්ඩුවක් හදන්න ඕනෑ

July 31, 2015  




ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමත් සමග ඒ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිවීමට පටන් ගත්තේය. ජවිපෙ විසින් එළිදක්වන ලද එම ප‍්‍රතිපත්ති මාලාවේ පිටපත් විශාල ප‍්‍රමාණයක් මේ වනවිට ජනතාව අතර බෙදාදී ඇති අතර ජවිපෙ නිල වෙබ් පිටුව ඔස්සේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලක්ෂයකට අධික පිරිසක් ඩවුන්ලෝඩ් කරගෙන තිබේ. ජවිපෙ තේමා ගීතය මේ වනවිට පේස්බුක්, යූ ටියුබ් සහ ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ඔස්සේ ලක්ෂ තුනකට අධික පිරිසක් නරඹා තිබේ.


වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විවිධ ක්‍ෂෙත්‍රවලින් ආරාධනා ලැබිණි. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත‍්‍රීක් කණ්ඩායම් නායක අනුර දිසානායක සහභාගි කරවීමට පක්ෂය තීරණය කළේය. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ, වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ, ගොවි ක්ෂේත‍්‍රයේ, විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ පවුලවල පිරිස් වෙත, සෞඛ්‍ය අධ්‍යාපන සහ නීති ක්ෂේත‍්‍රයේ පිරිස් වෙත සහ ජූජ්‍ය පක්ෂය වෙත ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙළ පිළිගැන්වීම පසුගිය දිනවලදී පක්ෂ නායකයා අතින් සිදුවිය. පසුගිය විසිහතරවනදා මහනුවරදී මල්වත්ත සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනායක ස්වාමින්වහන්සේ වෙත එම වැඩපිළිවෙළ පිළිගැන්වනු ලැබිණි. ආණ්ඩුව ගන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. ඒත් විපක්ෂයේ ඉඳලා ජනතාවට හොඳ වැඩකොටසක් කරලා දෙන්න පුළුවන් අස්ගිරිය නායක ස්වාමින්වහන්සේ උණුසුම් අයුරින් ජවිපෙ නායකයා පිළිගනිමින් කීහ.

ඔව් අපේ හාමුදුරුවනේ ආණ්ඩු කරවන ආණ්ඩුවක් හදන්න  ඕනෑ අනුර දිසානායක කීවේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>