Back to Top

2015.07.31

July 31, 2015  


 

මේෂ

රාජ් සේවයේ නියුතු වූවන්ට එතරම් යහපත් දවසක් නොවේ. අභූත චෝදනා මෙන්ම රැකියාවේ ප්රශ්නකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවීමට පුළුවන. 

ජය අංකය 03

 

වෘෂභ 

තැන්පත් ධනය වර්ධනය වීමට කරුණු කාරණා හේතුවේ. විශේෂයෙන් නිර්මාණ කරණයේ යෙදෙන්නේ නම් එමගින් ලාභ ප්රයෝජන අත්වේ.

ජය අංකය- 09

 

මිථුන  

කලා අංශයේ රැකියාවල නිරත වූවන්ට යහපත් දිනයක් වේ. එමෙන්ම සාර්ථක නිර්මාණ බිහිවීමටත් එමගින් ආර්ථික ප්රතිලාභ අත්වීමටත් හේතුවේ.

ජය අංකය- 07

 

කටක  

 

අසාධාරණ ලෙස මුදල් හම්බ කිරීමෙන් වළකින්න. ඔබ ව්යාපාර කටයුතුවල යෙදෙන්නේ නම් අධික ලාභ බලාපොරොත්තු වෙන්ම එම කටයුතුවල නොයෙදෙන්න.

ජය අංකය- 06

 

සිංහ 

ආවේගකාරී බව නිසා රාජකාරී ස්ථානයේ මෙන්ම සාමාජික කටයුතුවලදී  යම් ප්රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම් මැනවි.

ජය අංකය- 08

 

කන්‍යා 

ඔබගේ තැන්පත් ධනය වර්ධනය වීමට යම් හේතු කාරණා හේතුවේ. හදිසි ධන ලාභ මෙන්ම ඥාති උරුම හිමිකම් ලැබීමට  හේතුවේ.

ජය අංකය- 09


තුලා  

හදිසි අනතුරු ආපදාවලට මුහුණ පෑමට සිදුවන බැවින් කල්පනාකාරීව දවස ගත කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදී ඇති නම් ප්රවේශම් වීම මැනවි.

ජය අංකය- 05

 

වෘෂ්චික  

මව්පිය උරුම හෝ අන්සතු ධනය ලැබීමට හැකි යම් කරුණු කාරනා සිද්ධවීමටඉඩ ඇත්තේය‍. එමෙන්ම හදිසි ධන ලාභවලට  වාසනාව ඇති බැවින් ලොතරැයි පත් මිලට ගන්න.

ජය අංකය- 01

 

ධනු  

කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිට අත්හැර දමා තිබූ ණය මුදලක් හදිසියේම ඔබ අතට පත්වීමට බෙහෙවින් ඉඩකඩ ඇත්තේය.

ජය අංකය- 09

 

මකර  

රැකියාවේ හෝ රැකියා ස්ථානයේ යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමට  ඉඩ ඇත්තේය. නැතහොත් දැනට කරන රැකියාවේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය- 07

 

කුම්භ  

අසල්වාසීන් මෙන්ම සමීඵතම හිතවතුන් අතර  අමනාප කම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකරී වන්න. ප්රපෝකාරී ක්රියාවන්ගෙන් වැළකෙන්න.

ජය අංකය- 03

 

මීන  

පවුලේ සහෝදර සහෝදරියන් මෙන්ම සමීපතම ඥාතීන් අතර ෙහාඳ හිත පළුදුවීමට යම් කරුණු කාරණා හේතුවේ. චංචල මෙන්ම නිශ්චල දේපළ ගැනද ගැටලු මතුවීමට පුළුවන.

ජය අංකය- 03

 

ජ්යෝතිෂ හා වාස්තු විද්යාවේදී

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>