Back to Top

අපේක්ෂකයින් අතර උපාධිධාරීන්

July 17, 2015  



මේ අතර මේ දිනවල වැඩිපුර කතා බහ කරන කාරණයක් වන්නේ ජාතික ලැයිස්තු පිළිබඳවය. ජාතික ලැයිස්තුවක් පත් කිරීමේ සැබෑ වුවමනාව තේරුම්ගෙන තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව විද්වත්හු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්රකමින් සිටිති. ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපතිවරයෙක් වන මයාදුන්නේ ඇතුළුව මහාචාර්යවරුන්, ජ්‍යෙෂඨ කථිකාචාර්යවරුන්, කලාකරුවන්, සමාජ කි‍්‍රයාකාරීන්, නීතිවේදීන්, දේශීය ව්‍යාපාරිකයින් ඇතුළත් කර තිබේ. සමාජ ජාල කි‍්‍රයාකාරිකයින් ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි. ජවිපෙ ජාතික ලැයිස්තුවේ පරාජයට පත් මන්ත‍්‍රීවරුන් නොසිටීමද විශේෂත්වයකි. මහාචාර්ය සරත් විජේසූරිය, ප‍්‍රවීණ ග‍්‍රන්ථ පරිවර්තක ගාමිණී වියන්ගොඩ, චිත‍්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ වැනි පුරවැසියන් මේ වනවිට ජවිපෙ ජාතික ලැයිස්තුව පිළිබඳව ප‍්‍රශංසා මුඛයෙන් කතාබහ කරමින් සිටිති. මේ වන විට රූපවාහිනී සංවාදවල පවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා මතුව තිබීම විශේෂත්වයකි.

මේ අතර ජවිපෙ මැතිවරණ දිස්ති‍්‍රක් 22 සඳහාම නාමයෝජනා භාරදී තිබෙන අතර කණ්ඩායම් නායකියන්ගෙන් 17ක්ම උපාධිධාරීන් වීම විශේෂත්වයකි. ඊට අමතරව ජවිපෙ අපේක්ෂකයින් අතර උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් නියෝජනය වේ. නීතිවේදීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ව්‍යාපරිකයින්, විශ‍්‍රාමලත් හමුදා නිලධාරීන්, චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් ඇතුළු කලාකරුවන්ද ඇතුළත්ය.


MOST VIEWED VIDEO STORIES

MORE >>