Back to Top

විනය ගැන එජාප මන්ත‍්‍රී රංජන් කතා කරයි

July 9, 2015  



මේ දිනවල වැඩියෙන් කතාබහ කරන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ‘නාමයෝජනා’ය. එහිදී දේශපාලන පක්ෂවලින් දූෂිතයින්ට නාමයෝජනා ලබාදීම යන කාරණයද නිතර දෙවේලේ මතුකරන පැනයකි. එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පසුගිය අටවෙනිදා පැවැති මාධ්‍ය හමුවේදීද මෙම පැනය මාධ්‍යවේදියෙක් විසින් රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාට ඉදිරිපත් කළේය. ”මේ වනවිටත් චෝදනා ලැබූ පුද්ගලයින්ට නාමයෝජනා ලැබිලා තියෙනවා. මේකත් කියන්න  ඕනෑ. මේක අපිට අවාසි වෙයි. නමුත් තිත්ත ඇත්ත කතා කරන ජනතා නියෝජිතයෙක් හැටියට ජනතාවගෙන් වැටුප් ලබන ඇමතිවරයෙක් විදියට කියන්න  ඕනෑ. ජේවීපී එකේ නියෝජිතයින්ට පමණයි මේ චෝදනා නැත්තේ. ඒ ක්‍රෙඩිට් එක ඒ අයට දෙන්න  ඕනෑ. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නාමයෝජනා දෙන නියෝජිතයින්ට මේ චෝදනාව නැහැ. අනෙක් හැම පක්ෂයේම අයට මේ චෝදනා තියෙනවා. සමාවෙන්න කිව්වට මට පක්ෂයෙන් ප‍්‍රශ්නයක් ඇතිවෙන්නත් පුළුවන්. ජේවීපී එකේ නාමයෝජනා මණ්ඩලවල තියෙන ඩිසිප්ලීන් එක විනය අනෙකුත් පක්ෂත් ඇති කරගත්ත නම් හොඳයි” රංජන් රාමනායක කියා සිටියේය.

මේ අතර ජවිපෙ ප‍්‍රධාන විපක්ෂය බවට පත්කර ගත යුතු බවටද විද්වත්හු මත පළකරමින් සිටිති. පසුගියදා මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශයක් කරමින් මහාචාර්ය සරත් විජේසූරියද සඳහන් කර සිටියේ මේහා සමාන අදහසකි. ”අපේ රටේ බලයට එන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. එක පක්ෂයක් මේ වනවිට හොරුන් කුඩුකාරයින් නිසා පණ අදිනවා. අනෙක් පක්ෂය බලයට ගෙන්න සුදුසුයි කියනවා නෙමෙයි. නමුත් අවස්ථාවේ හැටියට කරන්න දෙයක් නැහැ. අපේ රටේ ඡන්ද දායකයින්ට තියෙන එක ලෙඩක් තමයි කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන එක. කොළ පාටට ඡන්දය දෙන්න අකමැති කොටසක් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රතු පාටට ඡන්ද දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන විපක්ෂය බවට පත් කරන්න” යැයි සරත් විජේසූරිය කියා සිටියේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>