Back to Top

මල්ලියේ අද හෙට නම් ඒක වෙන්නේ නැහැ

June 26, 2015  



වත්මන් ආණ්ඩුව යහපාලනය නමින් හැඳින්වුවද ජනතාවාදී පාලනයක්ද යන්න ජනතාවට දැන් සැකයක් මතුව තිබේ. මන්ද වත්මන් ආණ්ඩුව කරමින් තිබෙන්නේ ජනතාව බලාපොරොත්තු වන දේවල් හෝ ජනතාවට පොරොන්දු වූ දේවල් නොව තමන්ට කැමති දේය. විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා විසින් මෑතකදී ආරම්භ කරන ලද පරමාණු ශක්ති අධිකාරියේ පරීක්ෂණාගාරයද එවැනි ව්‍යාපෘතියකි. අමාත්‍යවරයා විසින් මුල්ගල තබා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ කඩුවෙල, හල්බරාවේ ජනාකීර්ණ ප‍්‍රදේශයකය. මේ සම්බන්ධයෙන් විරෝධය පළකිරීමට ප‍්‍රදේශවාසීහු ජවිපෙ හිටපු පළාත් සභා මන්ත‍්‍රී සරත් පතිරණ මුණ ගැසුණහ.

”බලන්න මන්ත‍්‍රීතුමා මේ ආණ්ඩුව මිනිස්සු ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. මේ වගේ දෙයක් පටන් ගත්තාම අපි ජීවත් වෙන්නේ කොහොමද? අපේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ. හල්බරාව, තලාහේන, මාලඹේ ප‍්‍රදේශවල ජීවත් වන හැම කෙනාටම මේක බලපානවා. පරිසර තත්ත්ව වාර්තා සැලකිල්ලට අරගෙන නැහැ.” ප‍්‍රදේශවාසීන්ගේ පැමිණිල්ල විය.

පසුව මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වීමට ‘හල්බරාව සුරැකීමේ සංවිධානය’ ගොඩනැගුණි. අනතුරුව පරිසර සංවිධාන සමග සාකච්ඡුා කර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට හල්බරාව සුරැකීමේ සංවිධානය පසුගිය 23වෙනිදා කටයුතු කළේය. එම අවස්ථාවට නීතිඥ සුනිල් වටගලද නීති සහාය ලබාදෙමින් සහභාගි විය. ඔවුන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපෘතිය ජනශූන්‍ය ප‍්‍රදේශයක් වෙත ගෙන යෑමට කටයුතු කරන ලෙසය.

හල්බරාව ගැටලූව පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ පිරිස කොමිසම් කාර්යාලයෙන් පිටතට පැමිණියේය. ඒ අතරතුර සුනිල් වටගල මැතිවරණ කොමසාරිස්වරයා මානව හිමිකම් කොමිසමේ රාජකාරී කටයුත්තකට පැමිණ සිටිනු දුටුවේය. ඔහු මැතිවරණ කොමසාරිස්වරයා අසල ගියේ පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව හෝඩුවාවක් දැනගැනීමටය.

 ”කොමසාරිස්තුමා මොකක්ද මේ කතාබහ. අද විසුරුවනවා හෙට විසුරුවනවා කියනවා. කවද්ද ඇත්තටම වෙන්නේ” වටගල විමසුවේය.

”මම කිව්වා කියලා ලියලා තියාගන්න මල්ලියේ අද හෙට නම් ඒක වෙන්නේ නැහැ. හැබැයි හයවෙනිදා හරි ඊට කලින් හරි නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුව විසුරුවනවා” මැතිවරණ කොමසාරිස් කීවේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>