Back to Top

20 ගෙනත් තියෙන්නේ තනිකරම ශ‍්‍රීලනිපයේ අර්බුද විසඳගන්න

June 26, 2015  




ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේ රැස්වූයේද විශේෂයෙන් විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමටය.

”විසිවෙනි සංශෝධනය සම්මත වුණොත් සුළු ජනකොටස්වලට වෙන්නේ අසාධාරණයක්. ඒ වගේම ප‍්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා අනෙකුත් පක්ෂ දේශපාලනයෙන් අතුගාලා දාන්න හදන්නේ. ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ” ටිල්වින් සිල්වා කියා සිටියේය.

 ”මේ සංශෝධනය ගෙනත් තියෙන්නේ අවුරුදු 66ක් තිස්සේ රට කාපු පක්ෂ දෙකටම රටේ බලය අල්ලා ගන්න. ඒකට ඉඩදිය යුතු නැහැ. රනිල්ලා මෛත‍්‍රීලා දැන් කරන්නේ ජනවාරි 08වෙනිදට කලින් දුන්නු පොරොන්දුවලට හාත්පසින්ම වෙනස් දේවල්.” විජිත හේරත් කීවේය.


”මේ ගැන රටේ සංවාදයක් හදන්න  ඕනෑ. ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අපේක්ෂකයාට සහාය දුන්නු සිවිල් සංවිධාන එක්කත් මේ ගැන කතා කළොත් හොඳයි නේද? සෝභිත හාමුදුරුවොත් කියන්නේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට පාර්ලිමේන්තුවක් හදාගන්න ඉඩ දෙන්න කියන එකයි. පුරවැසි බලය වගේ සංවිධාන සමගත් සාකච්ඡාවක් කරන්න  ඕනෑ.” බිමල් රත්නායක යෝජනා කළේය.


”විස්ස ගෙනත් තියෙන්නේ තනිකරම ශ‍්‍රීලනිපයේ අර්බුද විසඳගන්න. මේක රටේ වුවමනාවට ගෙනාව එකක් නෙවෙයි. මේක ජනාධිපති මන්දිරයේ කුස්සියේ කල්ලියේ වැඩක්. ඒ නිසා ඒ ගැන රටට හෙළි කරන්න  ඕනෑ” අනුර දිසානායක කීවේය.


ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින් ඇතුළු සිවිල් බුද්ධිමතුන් හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>