Back to Top

රුපියල වෙනස් වෙන්නේ මොකද?

June 19, 2015  




විජිත හේරත් රුසියානු ජාතික දිනය වෙනුවෙන් කොළඹදී පැවැත්වූ උත්සවයට සහභාගි වූයේ ජවිපෙ නියෝජනය කරමිනි. එහිදී උත්සව සභාව අතරතුර ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට රුසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයා සමග මද වේලාවක් කතාබහ කිරීමට අවස්ථාව උදාවිය. එහිදී ඔහුගේ අවධානය යොමුවී තිබුණේ තම රටට සිදුවන ඇමරිකානු බලපෑම් පිළිබඳවය.

”විවිධ අවස්ථාවට අපිට ඇමරිකාවෙන් විවිධ බලපෑම් එල්ල වෙනවා. අපි ඒවා ගණන් ගන්නේ නැහැ. අපිටත් ආර්ථික ශක්තිය, යුදමය ශක්තිය තියෙනවා ඇමරිකාව එක්ක හැප්පෙන්න. අපිත් සූදානමින් ඉන්නේ. චීනෙත් එක්කත් අපි හොඳ රාජ්‍යතාන්ත‍්‍රික ගනුදෙනු පවත්වනවා. ඒ නිසා අපි බය නැහැ” තානාපති කාර්යාල නිලධාරියා විජිත හේරත්ට කීවේය.

ඒ, ජනතා විමුක්ති පෙරමුණෙ අධිරාජ්‍ය විරෝධී ස්ථාවරය තමන් දන්නා බව හැඟවීමටය. අනතුරුව තානාපති නිලධාරියා හැරුණේ ශ‍්‍රී ලංකාව දෙසටය.

 ”මන්ත‍්‍රීතුමා රුපියලේ අගය හොඳටම අඩුවීගෙන යනවා නේද? මමත් බිරිඳ එක්ක මුදල් වගයක් මාරු කරන්න ගියා. ඒ වෙලාවේ තමයි දැනගත්තතේ. දවස් දෙක තුනෙන් රුපියලේ අගය වෙනස් වෙනවා. අපිට සමහර වෙලාවට ලොකු පාඩුවක් වෙනවා. අපේ රටේ නම් එහෙම මේ තරම් ඉක්මනට රේට් වෙනස් වෙන්නේ නැහැ. අද කොහොමද? රේට් එක” ඔහු විජිත හේරත්ගෙන් විමසුවේ තමන්ගේ රට ගැන ආඩම්බර වෙමිනි. ”අද රේට් එක 133යි. මේ ආණ්ඩුවලට ආර්ථිකය ගැන ලොකු කළමනාකරණයක් නැහැ. ආණ්ඩු මාරු කළාට වැඩපිළිවෙල එකයි. ඒ නිසා ආර්ථිකය යන්නේ පරණ විදියටම තමයි” විජිත හේරත් කියා සිටියේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>