Back to Top

යාපනය ගැන ජාතිවාදී කටකතාවක්

May 22, 2015  




පසුගියදා යාපනය ප‍්‍රදේශයේ ඇතිවූ හර්තාලය සම්බන්ධයෙන් ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය. පාසල් සිසුවියක් දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ තරුණයින්ට දඬුවම් ලබාදීමට බලකරමින් යාපනය ප‍්‍රදේශයේදී පොලිසියට විරුද්ධව හර්තාලයක් ආරම්භ කෙරුණේ පසුගිය 20වෙනිදාය. යාපනය දිස්ත‍්‍රික් ජවිපෙ සංවිධායක රාමලිංගම් චන්ද්‍රසේකර් ඒ වනවිට සිටියේ කිලිනොච්චියේය. ඔහුට යාපනය ප‍්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුම කතා කොට කියා තිබුණේ එම සිදුවීමට මැදිහත්වන ලෙසය.

“යාපනය සිදුවීම ජාතිවාදී පැත්තකට හැරෙන්නත් පුළුවන්. සමහරු විවිධ කටකතා හදනවා. ඒ නිසා ඒ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවන්න පුළුවන්නම් හොඳයි.” රාමලිංගම් චන්ද්‍රසේකර් සුනිල් හඳුන්නෙත්තිට දුරකථන ඇමතුමක් ලබාදුන්නේය. ඒ වනවිට පාර්ලිමේන්තුවේ සිටි හඳුන්නෙත්ති මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීය. ”මේ සිදුවීම සමහරු ජාතිවාදී විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම උත්සහක් තියෙන බවත් අපිට පේනවා. නීතිය කි‍්‍රයාත්මක කරන්න රජය කටයුතු කරන්න  ඕනෑ. නීතිය අතට ගන්න ජනතාවට ඉඩ දිය යුතු නැහැ. පොලිසිය පොලිසියේ වගකීම හරියට ඉටුකරන්න  ඕනෑ. ඒ නිසා ආණ්ඩුව මේකට මැදිහත්විය යුතුයි” සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේය.


මේ අතර විජිත හේරත් පාර්ලිමේන්තු සභාගැබෙන් පිටතට පැමිණෙමින් සිටින අතරතුර කෙහෙළිය රඹුක්වැල්ල මන්ත‍්‍රීවරයා මුහුණට මුහුණ හමුවිය. ”යාපනයේ මොකක් හරි කලබලයක් නේද? මොකක්ද දන්නේ නෑ තත්ත්වේ” කෙහෙළිය විජිතගෙන් විමසීය. ”ඔව් සිද්ධියක් ගැන මටත් ආරංචික් ආවා.” විජිත කීවේය. ”මට ආරංචියක් ආවා යාපනයේ පැත්තේ සිංහල මිනිස්සු බස්වලින් බස්සලා ආපහු එවනවා කියලා. ඒක ඇත්තක්ද?” කෙහෙළිය නැවතත් විජිතගෙන් විමසීය. ”එහෙම එකක් ගැන නම් මට ආරංචි වුණේ නැහැ.” විජිත පිළිතුරු දුන් අතර කෙහෙළිය එතනින් නික්ම ගියේය. ”මේ අය හදන්නේ අයෙත් ජාතිවාදී ගැටුමක් හදන්න. ඒකනේ මේ කටකතා හදන්නේ” එතන සිටි විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුට විජිත කීවේය. මන්ත‍්‍රීවරයා පසුව ඒ ගැන සොයා බැලූවද එවැනි සිදුවීමක් සිදුවූ බවට වාර්තා වී නැත.


MOST VIEWED VIDEO STORIES

MORE >>