Back to Top

2015.05.22

May 22, 2015  

  

මේෂ

ප්ර්රේම සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය ලැබෙන අතර එම කටයුතු සාර්ථකවේ. නව සබඳතාවලට හේතුවේ.

ජය අංකය - 09

 

වෘෂභ 

උසස් අධ්යාපන කටයුතුවල යෙදෙනෙ අයට තමා අපේකෂා කළ විදෙස් අධ්යාපනය ලැබීමේ කටයුතු සඳතා සාර්ථක ප්රතිඵල අත්වීමට ඉඩ ඇත්තේය.

ජය අංකය - 05

 

මිථුන  

තමා නොසිතු විරූ කරදරවලට පැටලීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. විශේෂයෙන් තම යහළුවන් හා කටයුතු කිරීමේදී ප්රවේශම් වන්න.

ජය අංකය - 03

 

කටක  

ඒකාකාරී ජීවිතය නිසා කලකිරීමට පත්වන අතර අනවශ් සංචාර නිසා නොසිතු කරදර බාධකවලට මුහුණපෑමට සිදුවිය හැකි බැවින් ප්රවේශම් වන්න.

ජය අංකය- 07

  

සිංහ 

පූජක පක්ෂයේ මෙන්ම වැඩිහිටියන්ගේ ගෞරවාදරයට හේතුවේ. විනෝද ගමන් බිමන් හෝ වන්දනා සංචාරවලට සහභාගිවීමට පුළුවන.

ජය අංකය- 09

 

කන්‍යා 

නොසිතු විරූ රෝගාබාධයන්ට ලක්විය හැකි බැවින් විශේෂයෙන් කේතු මහ දශාව හෝ අන්තර් දශාව ගත කරන අය ප්රවේශම් වන්න.

ජය අංකය- 06

 

තුලා  

දුර බැහැර වෙසෙන ඔබගේ ළඟම ඥාතියෙකු පිළිබඳව දුක්මුසු පුවතක් ඇසීමට පුළුවන. වියදම් පක්ෂය අධික වන අතර ගමන් බිමන් බහුලවේ.

ජය අංකය- 08

 

වෘෂ්චික  

හදිසි අනතුරු ආපදාවලට ලක්විය හැකි බැවින් ප්රවේශමෙන් කටයුතු කරන්න. ඈත පළාත්වල සංචාරය කිරීමෙන් වළකින තරමට ගුණදායකය.

ජය අංකය- 03

 

ධනු  

රැකියාවේ වෙනසක් නව රැකියාවකට හේතුවන කරුණු කාරණා සිදුවීමට ඉඩ ඇත්තේය. ආයතන ප්රධානීන් හා සුහදව කටයුතු කරන්න.

ජය අංකය - 06

 

මකර  

කලාකාමී අදහස් වර්ධනය වේ. කලා කටයුතුවල යෙදෙන්නන්ට යහපත් දිනයක් වන අතර ඔවුන්ගේ කටයුතු සාර්ථක වේ.

ජය අංකය- 09

 

කුම්භ  

ජලය හා සම්බන්ධව කටයුතු කරන විශේෂයෙන් ධීවර ක්ෂේත්රයේ නිරත වූවන්ට එතරම් යහපත් දිනයක් නොවේ.

ජය අංකය- 04

 

මීන  

ගුරු මහ දශාව හෝ අන්තර් දශාවේ නම් හදිසි ධන ලාභ මෙන්ම ඥාති උරුම හිමිකම් ලැබීමට පුළුවන. ලොතරැයි වාසනා උරගා බලන්න.

 ජය අංකය- 06

 


ජ්යොතිෂ හා වාස්තු විද්යාවේදී

 

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

 

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>