Back to Top

අනුර සමග බැසිල් ආවද?

April 24, 2015  



ජවිපෙ නායක අනුර දිසානායක විශේෂ විදෙස් රැස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා පසුගිය 16වැනිදා බෙල්ජියම සහ නෙදර්ලන්තය බලා ගිය අතර පෙරළා පැමිණියේ විසිවන දින දහවල්ය. ඔහු පැමිණි ගුවන් යානයේම බැසිල් රාජපක්ෂ ආ බවට ගුවන් තොටුපළේ කතාබහක් ඇතිවී තිබිණි. පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණෙන අනුර දිසානායකගෙන් කිහිපදෙනෙක්ද මේ පිළිබඳව විමසුවේය. කෙසේ වෙතත් එදිනද බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පිරිසක් සූදානමින් සිටි බව අනුර දිසානායකට ගුවන්තොටුපළෙන් පිටතට පැමිණෙන විට දක්නට ලැබිණි. කෙසේ වුවද එදින හිටපු ඇමති බැසිල් ලංකාවට පැමිණ තිබුණේ නැත.


MOST VIEWED VIDEO STORIES

MORE >>