Back to Top

2015.04.16

April 16, 2015  

මේෂ
 
රැකියාව සාමාන්‍ය අයුරින් කරගෙන යාමට හැකිවන අතර ආදායම් තත්ත්වය ද අයහපත් වන්නේ නැත. සමඵල දායක දිනයක් වන්නේය.
 
ජය අංකය - 03

 
වෘෂභ
 
නොසිතු නොපැතු ආකාරයට එක්වරම වියදම් පක්ෂය ඉහළ යාමට ඉඩ ඇත්තේය. තැන්පත් ධනය වැය කිරීමට සිදුවනු ඇත්තේය.
 
ජය අංකය- 08

 
මිථුන 
 
අවිවාහක අයට අද දින සාර්ථක මංගල යෝග ක්‍රියාත්මක දිනයක් වන්නේය. එමෙන්ම ප්‍රේම සබඳතා තහවුරු වන අතර මෙතෙක් තිබූ බාධක ඉවත්ව යයි
 
ජය අංකය- 07

 
කටක 
 
නව වගකීම් මෙන්ම අලුත් රාජකාරී කටයුතුවල මැදිහත්වීමට සිදුවන අතර රැකියා ස්ථානයේ කාර්ය බහුලත්වය අධිකවීමට ඉඩ ඇත්තේය.
 
ජය අංකය- 05

 
සිංහ
 
තමා මෙතෙක් කලක් විශ්වාසය තබා තිබූ අයෙකුගේ නියම තත්ත්වය වටහා ගැනීමට හැකිවීම නිසා හිත කලබලයට පත්වුවත් යතාර්ථය තේරුම් ගැනීමට හැකිවන්නේය.
 
ජය අංකය- 09

 
කන්‍යා
 
විදෙස් ගත වීමට හෝ විදෙස් අධ්‍යාපන කටයුතු කෙරෙහි තබා තිබූ බලා‍ෙපාරොත්තු සඵල කර ගැනීමට හැකිවීම නිසා හිතට සහනයක් ඇතිවේ.
 
ජය අංකය- 01

 
 තුලා 
 
ප්‍රවාහන කටයුතුවල නිරත මේ දිනය ඉතාම යහපත් වන අතර තම බලා‍ෙපාරොත්තු සඵල කර ගැනීමට හැකිවන අතර ආදායම් තත්ත්වය වර්ධනය වේ.
 
ජය අංකය- 04

 
වෘෂ්චික
 
වැඩිහිටි අය වෙනුවෙන් තම කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදුවුවත් ඒ පිළිබඳව හිතේ සතුටක් හා භක්තියක් ඇතිවේ.
 
ජය අංකය- 03

 
ධනු 
 
තම පවුලේ සමීපතම අයගෙන් තම කටයුතුවලට ලැබෙන උපකාර හීන වීම නිසා හිතේ කනස්සලු බවක් ඇති වීමට ඉඩ ඇත.
 
ජය අංකය- 02

 
මකර
 
තම රැකියා ස්ථානයේ වගකීම් බාර ගැනීමට සිදුවනවා පමණක් නොව ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට හේතුවන අවස්ථා ඇතිවේ.
 
ජය අංකය- 09

 
කුම්භ 
 
අවස්ථාවාදීන්ගේ කුමන්ත්‍රණකාරී කටයුත්තක් හෙළවීම නිසා රැකියාවේ තිබූ අවදානම් තත්ත්වය පහවයාමෙන් හිතට මහත් සැනසිල්ලකක් අත්වේ.
 
ජය අංකය- 09

 
මීන 
 
හදිසි ධන ලාබ මෙන්ම උරුම හිමිකම් ලැබීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත්වන්න. ලොතරැයි පත්මිලට ගෙන වාසනාව උරගා බලන්න.
 
ජය අංකය- 05

 
ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී
 
චන්ද්‍රසිරි ශ්‍රියානන්ද ද සිල්වා
 
පුස්තකාලයාධිපති (විශ්‍රාමික)
 
සීමන් මාවත, මිනුවන්ගොඩ


MOST VIEWED VIDEO STORIES

MORE >>