19 ගැන කියන්න ජවිපෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට
April 2, 2015
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන 19 වෙනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුම සඳහා ඉදිරිපත් කළේය. ඒ සඳහා පක්ෂව විපක්ෂය කරුණු ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථාව උදා කර දී තිබේ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණද පසුගිය තිස්එක්වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට 19 වෙනි සංශෝධනය පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය. ඒ නීතිඥ සුනිල් වටගල විසිනි.
ජවිපෙ විසින් කියා සිටින්නේ 19වෙනි ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්මට ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කළ යුතු නැති බව පෙනෙන්නට තිබෙන බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යම් යම් සංශෝධන සඳහා ජනමත විචාරණයක් පැවැත් විය යුතු බවට තීරණය කළහොත් එය 19 සංශෝධනය සම්මත කර ගැනීමට ප්‍රායෝගික ගැටලූ මතුවන බව කියන ජවිපෙ ජනමත විචාරණයක් පැවැත්විය යුතු කරුණු 19 සංශෝධනයේ ඇතුළත් වුවහොත් එම කරුණු පසෙක තබා ඉතිරි සංශෝධන සම්මත කරගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ. අපේ‍්‍රල් පළමුවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ 19 පිළිබඳ ඉදිරිපත්වී ඇති පෙත්සම් විභාගය ආරම්භ කළ අතර එය දින කිහිපයක් තුළ නිමා වීමට නියමිතය.
පළමු දින පෙත්සම් විභාග වන දිනයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත, සමග පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල ඒ සඳහා සහභාගි විය. ”19 සංශෝධනයේ අඩුපාඩුකම් තිබුණත් මේක සම්මත කර ගැනීම ජනතා ජයග්‍රහණයක් ඒ නිසා 19 පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තිබෙන බාධා මගහැරීමට කළ යුතු සියලූ කි‍්‍රයාමාර්ග ගත යුතුයි” ජවිපෙ නායකයින්ගේ ස්ථාවරය වී තිබේ.