Back to Top

වඩා හොඳ ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන්

March 4, 2015  


ශ‍්‍රී ලංකාවේ යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්කිරීම, ප‍්‍රශස්ථ ජනමාධ්‍ය ක‍්‍රියාකාරි පරිසරයක් ස්ථාපිත කිරිම උදෙසා ජනමාධ්‍ය කර්මාන්තයේ කළයුතු හාත්මක වෙනස්කම්  හඳුනාගෙන, නිර්දේශ ඉදිරිපත්කිරීමේ ජාතික සමුළුවක් 2015 මාර්තු මාසයේදී කොළඹ දි පැවැත්වීමට සැලසුම්කර ඇත.

 
මෙම සමුළුවේදී මතු දැක්වෙන මාතෘකා පිළිබඳව වඩාත් අවධානය යොමුකෙරෙනු ඇත.

-අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍යනිදහස තහවුරු කිරීම

- මාධ්‍ය බහුවිධකරණය - මහජන, පෞද්ගලික සහ ප‍්‍රජාමාධ්‍ය

-විකාශ නියාමනය සහ තාක්ෂණික පැතිකඩ

-මාධ්‍ය සමබරබව,අපක්ෂග‍්‍රාහිත්වය සහ මහජන විශ්වාසය සාක්ෂාත්කිරීම.

-වෘත්තීයමයභාවය ගොඩනැගීම සහ මාධ්‍ය අධ්‍යාපනය

-යහපාලනය සහ සංවර්ධන ක‍්‍රියාදාමය තුළ ජනමාධ්‍ය

ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔබේ යෝජනා එවන්න


ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජිත මෙම ජාතික සමුළවේදී සලකා බැලීම සඳහා ඉහත මාතෘකාවන්ට අදාළව, මෙරට මාධ්‍ය කර්මාන්තයේ සිදුවියයුතු ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමට ආරාධනාකරනු ලැබේ.

  ඔබේඅදහස්හායෝජනා පහත ලිපිනයටයොමුකරන්න.

ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ජාතික සමුළු ලේකම් කාර්යාලය,
168/15,
ස්ටැන්ලි තිලකරත්නමාවත,
 නුගේගොඩ
Email  :nsmsrilanka@outlook.com

MOST VIEWED VIDEO STORIES

MORE >>