ශ්රීලනිපය ගේමකට සැරසේ
February 26, 2015
පසුගිය 23වනදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්විය. ඒ, බත්තරමුල්ල, පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදීය. එහිදී විශේෂයෙන් අවධානයට ලක්වූයේ දින සියය තුළ වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය සහ ශ්‍රීලනිපයේ වත්මන් දේශපාලන භාවිතාව පිළිබඳවය.
”ශ්රීලනිපය ගේන්න යන ව්‍යවස්ථා සංශෝධනයට මුලින් එකඟ වෙලා හිටියා. ඒත් දැන් ඒක ගැන විවිධ ප්‍රශ්න දානවා. ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. ඡන්ද ක්‍රමය ගැන කතා කරනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන එක ගැන ප්‍රශ්න දානවා. මෙතන මොකක් හරි ගේමක් තියෙනවා.” අනුර දිසානායක කීවේය.
“මේ ජාතික ආණ්ඩු කතාවක් එන්නේ ඡන්දය පස්සට දාන්න ඕන නිසා. ඒ වගේම දෙගොල්ලන්ගෙම හොරකම් කරපු අය ඉන්නවා බේරගන්න. එකටත් හොඳ පාරක් තමයි ජාතික ආණ්ඩුව. හොරු බේරන්න යන ගමනක් මේක. ඒක පිට දාලා ඡන්දය කල් දාන්න දෙන්න බැහැ. නිමල් සිරිපාල වගේ අයට මහින්ද එන එක් වළක්වා ගන්නත් මේ උපක්‍රමය හොඳයි” ටිල්වින් සිල්වා කීවේය.
“ඔව් දින සියයෙන් කරන්න ආපු ආණ්ඩුවට දැන් ශ්‍රීලනිපයේ අය කියනවා මදිනම් කල්දාගන්න කියලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක ගැනත් එක එක කතා කියනවා. මේ අයට ඕනෑ රට හදන්න වත් හොරු අල්ලන්නවත් නෙවෙයි තම තමන්ගේ පෞද්ගලික ගේම් ටික ගොඩදාගන්න” විජිත හේරත් කීවේය.
“දෙගොල්ල එකතු වෙලා ගහන්න යන ගේම ජනතාවට හෙළිකරන්න ඕනෑ. මොකද මේ දින සියය ඇතුළේ කරගන්න පුළුවන් දේවල් ටික කරගන්න ඕනෑ. නැත්නම් පහුවෙලා කතා කරලා තේරුමක් නැහැ. ඒ නිසාම 19 වෙනි සංශෝධනය මාතෘකාව උඩට ගන්න ඕනෑ.” සෝමවංශ අමරසිංහ පැවසීය.
අතුරු අයවැයක් කියලා එකක් ගෙනාවා. ඒකත් අවුල් ගොඩයි. රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිකරන්න 2015 අයවැයේ යෝජනාවක් තිබුණා. නමුත් අතුරු අයවැයෙන් මූලික වැටුප වැඩිකිරීමක් නැහැ දීමනාව විතරයි. රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවුණොත් තමයි විශ්‍රාම වැටුපට, ණයක් ගන්න ගියාම සහනයක් ලැබෙන්නේ. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමත් මග ඇරලා යනවා.” ලාල්කාන්ත කීවේය.
”හයිබි්රඩ් වාහනවල අවුල විසඳුවේ අපි මැදිහත් වෙලා. නැත්නම් ඒකත් අවුල් ජාලයක්. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව කිව්වා රත්තරන් බඩු උකස් තියපු වටිනාකම ලක්ෂ දෙකට අඩුනම් පොලී රහිතව ගෙවන්න පුළුවන් කියලා. නමුත් තාම බැංකුවලට චක්‍රලේඛ යවලා නැහැ. මිනිස්සු ආපහු හැරිලා එනවා. කසාද ගාස්තු අඩු කළා කිව්වට තවමත් 5000 ගන්නවා. සිමෙන්තිවල සෙස් බද්ද 90කින් අඩුකළා කිව්වා. ඒත් වැඩක් නැහැ වැට් බද්ද අඩුකරන්නේ නැත්නම්.” හඳුන්නෙත්ති අය වැයේ අඩුපාඩු පෙන්නුවේය.
”ඒ විතරක් නෙවෙයි මේක යහපාලන ආණ්ඩුවක් කිව්වට ගමට ගියාම ඒක බලහත්කාරයක් වෙලා. එජාපයේ ප්‍රාදේශීය දේශපාලකයෝ වැඩට බැහැලා. වැලි ගොඩ දානවා, ගල් වළවල් ටික අල්ල ගන්නවා, පතල් ටික බලෙන් හාරනවා. මේ ආණ්ඩුවෙනුත් යහපාලනයක් බලාපොරොත්තු වුණ මිනිස්සු දැන් කලකිරීමෙන් කතා කරනවා. වංචා දූෂණවලට කි‍්‍රයාමාර්ග නැහැ කියලා කලකිරිලා. ඒ නිසාම අපි පටන් ගත්තු “බලපෙරළිය සහ ජනතා අභියෝග සම්මන්ත්රණ මාලාව මිනිස්සුන්ට හොඳට දැනිලා තියෙනවා. ඒවා අහන්න මිනිස්සු එනවා.” බිමල් රත්නායක කීවේය.