Back to Top

ව්‍යවස්ථා සංශෝධන සති 2-3ක් ඇතුළත

February 9, 2015  


 

 

 

 

පසුගිය 04වැනිදා පැලවත්ත ජවිපෙ කාර්යාලයේදී ජවිපෙ නායකයින් කිහිපදෙනෙක් මුණ ගැසුණහ. මෙහිදී සෝමවංශ අමරසිංහ විජිත හේරත්ගෙන් අසා සිටියේ ව්යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික විධායක සභාවේ අලූත් ස්ථාවරයන් කවරාකාරද යන්නය.

 

අනෙක් වැඩකටයුතු පැත්තකට දාලා හරි විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගන්න එකට රමුඛතාවය දෙන්න බලන්න. මොකද මේ වගේ අවස්ථාවක් ආයෙ එන්නෙ නැහැ.සෝමවංශ පැවසීය.

 

 වැඩකටයුතු හොඳින් කෙරීගෙන යනවා. විධායකේ අහෝසි කරන එකට හැමෝම වගේ එකඟයි. එත් මෛතරීට විතරක් අන්තර්කාලීන බලතල ලැබෙනවා.විජිත හේරත් පිළිතුරු දුන්නේය.

 

අන්තර්කාලීන බලතල මොනවද?” ටිල්වින් සිල්වාගෙන් රශ්නයක් මතුවිය.

 

විධායකේ සම්පූර්ණයෙන් අහෝසි කෙරරෙනවා.  වෙනකම් මෛතරීපාල ජනාධිපතිවරයාට අන්තර්කාලීන විධිවිධාන යටතේ බලතල ලැබෙනවා. ධුර කාලය අවුරුදු 05යි. පාර්ලිමේන්තුවේ කාලයත් අවුරුදු 05 අඩු කරන්න හැමෝම වගේ කැමතියි. 17වැනි සංශෝධනය නැවත ගේන එකත් රශ්නයක් නැහැ. තව සතියකින් දෙකකින් සම්මත කරගන්න පුළුවන් වේවි.විජිත හේරත් විශ්වාසය පළ කළේය.

 

පක්ෂ මාරු කරන සංශෝධනේට මොකද වෙන්නෙ?” ටිල්වින් සිල්වා ඇසීය.

 

සංශෝධනවලට ඒකත් ඇතුළත්. හැමෝම එකඟයි. පක්ෂය මාරු කොළොත් මන්තරීකම අහෝසි වෙනවා. ඇමති මණ්ඩලය ව්යවස්ථාවෙන්ම 30කට සීමා කරනවා.

 

විජිතගේ කතාවට සන්ධානයෙන් අත්පුඩි

 

 

පසුගිය දෙවැනිදා පාර්ලිමේන්තුවේදී මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ පැවැති විවාදයේදී විජිත හේරත් කතාව ආරම්භ කළේ ආණ්ඩුවක් මාරු වෙනකොට සීටීබී එකේ සභාපති පෙට්රෝලියම් එකේ සභාපති අයින් වෙනවා වගේ අගවිනිසුරු අයින් කරන එකට අපි එකඟ නැහැයනුවෙනි. සන්ධානයේ මන්තරීවරුන්ගෙන් විශාල අත්පොළසන් නාදයක් ලැබුණේත් ආණ්ඩු පක්ෂයේ මන්තරීවරුන් විශ්මයෙන් බලාසිටියේත්  මොහොතේය. එහෙත් විජිත හේරත් දිගටම කතාකරගෙන ගියේය.

 

 

හැබැයි  වගේ මාරුවීමක් නෙමෙයි මොහාන් පීරිස් අගවිනිසුරුකමෙන් අයින් කරපු එක.  සිද්ධිය වෙන එකක්.මෙවර අත්පුඩි ගහන්නට වූයේ ආණ්ඩුවේ මන්තරීවරුය.

 

ඔහුව අයින් කරලා මදි. මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයේ රැඳී සිටිමින් අධිකරණයට වසර දෙකක් පුරා කරන ලද බලපෑම් හොයන්න ජනාධිපති විමර්ශන කොමිසමක්  ඕනෑවිජිත හේරත් යෝජනා කළේය.

 

 

කෙසේ වුවද මෙම යෝජනාව පිළිබඳව අධිකරණ ක්ෂේරයේ විශාල කතාබහක් නිර්මාණය වෙමින් තිබේ. , මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස සිටිමින් රට පුරා නඩු කටයුතුවලදී අනිසි බලපෑම් එල්ල කළ බවට බොහෝ දෙනෙකුට තම තමන්ගේම වූ අත්දැකීම් ඇති නිසාය. දැනගන්නට ඇති අන්දමට නීතිඥවරු, විනිශ්චයකාරවරු බොහෝ දෙනෙක් එවැනි කොමිසමක් පිහිට වෙන්නේ නම් තමන්ගේ සාක්ෂි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>