February 9, 2015
ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය දෙස බලාපොරොත්තු සහගතව සිටි ජනකොටසක් වූයේ රජයේ විශ්රාමිකයින්ය. මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්ති ප්රකාශනයේ හා දින සියයේ වැඩපිළිවෙළ තුළ විශ්‍රාමිකයින් සඳහා රු. 3500ක් ලබා දෙන බවට පොරොන්දුවක් විය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කරමින් විශ්‍රාමිකයින්ට අයවැයෙන් ලැබුණේ රු.1000ක් පමණි. එයද රජයේ වැටුප් වැඩිවීම් මෙන් පෙබරවාරියේ සිට නොව අපේ‍්‍රල් මාසයේ සිටය.
මේ තත්ත්වය තුළ විශ්‍රාමික සංගම් සහ විශ්‍රාමිකයෝ තමන්ගේ අවනඩුව ජවිපෙට ඉදිරිපත් කරමින් සිටිති. පසුගිය 04වැනිදා ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මේ අසාධාරණය මුදල් ඇමතිවරයාට ලිපියක් මගින් දන්වා සිටියේය.