Back to Top

ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයට ලැම්බොගිනියක් එයි

February 9, 2015  

මේ දිනවල ජවිපෙ මන්තරීවරුන් ගත කරන්නේ කර්යබහුලම කාලයකි. වංචා දූෂණ සහ අසාධාරණයට ලක්වූ බොහෝ දෙනෙක් ජවිපෙ රධාන කාර්යලය ඇතුළු දිස්තරික් කාර්යාලවලට, මන්තරීවරුන්ට දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදෙයි. ෆැක්ස් පණිඩුව සහ ඊමේල් පණිවුඩවලින්ද ජවිපෙට අඩුවක් නැත.  නිසාම ජවිපෙ දැන් 119 ලෙසත් රසිද්ධියට පත්වී හමාරය. හයිබිරඞ් වාහනවලට අලූතෙන් පනවන ලද බද්ද නිසාද විශාල පිරිසක් මේ වනවිට අසාධාරණයට ලක්වී සිටිති. දිස්තරික් පුරා එසේ අසාධාරණයට පත් පුද්ගලයෝ ජවිපෙ නායකයින් හමුවෙමින් තම දුක්ගැනවිල්ල කියා සිටියහ. එවැනි සාකච්ඡා කිහිපයක් මාතර, ගමපහ සහ කොළඹදී සුනිල් හඳුන්නේති සහ බිමල් රත්නායකගේ මැදිහත්වීමෙන් සිදුවිය.

 

ජනවාරි 29 පෙර වාහන ඇණවුම් කර අයවැයෙන් පසු වැඩි වූ බද්ද ගෙවා ගත නොහැකි පිරිසක් ජවිපෙ රධාන කාර්යාලයට පැමිණි අතර හයසියයක පමණ නම් ලැයිස්තුවක්ද සුනිල් හඳුන්නෙත්තිට භාරදුන්නෝය.

මේ අතර පසුගියදා සුනිල් හඳුන්නෙත්ති විසින් කිරකට් පාලක මණ්ඩලයට එරෙහිව අල්ලස් කොමිසමට යෑමෙන් පසු විශාල ලෙස වංචා දූෂණ රමාණයක් පිළිබඳ දුරකතනයෙන් තොරතුරු ලැබිණි. මේ තොරතුරු ලබාදෙන්නන් අතර රවීණ කිරකට් රීඩකයින් රැසක්ද සිටිති.

 

මේ වංචා දූෂණවල මහ මොළකාරයා නිශාන්ත රණතුංගයි. වෙන කවුරුත් නෙවෙයිඔවුහු පවසති. මේ අතර නිශාන්ත රණතුංග සී.එස්.එන් නාලිකාවේ රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු නොකළ බව ඔප්පු කිරීම සඳහා මේ වනවිට ලියකියවිලි සකසමින් සිටින බවටද හඳුන්නෙත්තිට තොරතුරු ලැබිණි.

 

 

මේ අතර පසුගිය සඳුදා පස්වරුවේ ජවිපෙ රධාන කාර්යලය ඉදිරිපිට ලැම්බෝගිනියක් පැමිණ නතර විය. සියලූ දෙනා මේ දෙස බැලූවේ මීට පෙර ලැම්බොගිනියකින් ජවිපෙ කාර්යාලයට කිසිවෙක් පැමිණ නොතිබුණු නිසාය. එම රථයෙන් පැමිණියේ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවය. ඔහු පැමිණියේ සුනිල් හඳුන්නෙත්ති හමුවීමටය.

 

මන්තරීතුමා මම ඔබතුමාලගේ කාර්යාලයට ආවේ බයෙන්. මොකද ලැම්බෝගිනිවලට ඔබතුමාලා විරුද්ධයි නේද?” මාලගමුව කීවේය

 

අපෝ නැහැ. අපි ලැම්බොගිනිවලට විරුද්ධ නැහැ. අපි විරුද්ධ ජනතාවගේ සල්ලිවලින් ජනාධිපති පුත්තු ලැම්බොගිනි පදිනවට. අපි දේශපාලනය කරන්නේ මේ රටේ හැම තරුණයටම ලැම්බොගිනි පදින්න පුළුවන් ආර්ථිකයක් හදන්නයි.හඳුන්නෙත්ති කීවේය.

 

මාලගමුව පැමිණ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජවිපෙ මන්තරීවරයෙකුගෙන්ම අසා දැනගැනීමටය.

 

මම මීට කලින් මැලේසියාවෙන් ඩෙංගු මඩින්න උදව් ගන්න එකඟතාවයක් හදාගත්තා. නමුත් ආණ්ඩුව  ගැන මොකුත් කළේ නැහැ. මේ ආණ්ඩු ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා ඒකෙන් තමයි මම දැනගත්තේ. වකුගඩු රෝගීන්ට ආධාර ලබාදෙන්න ජපානයෙන් උදව් ගන්න පුළුවන්. මාලගමුව කීවේය.     

MOST VIEWED VIDEO STORIES

MORE >>